හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීම පිළිබඳව මේ වන විට රටවල් හතකක් සමග සාකච්ඡා කර ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (15) ප්‍රකාශ කළේය.
මේ වන විට ඒ ඔස්සේ සිදුකෙරෙන සියලු නෞකා ගමනා ගමන, විශේෂයෙන්, ඉන්දන නෞකා ප්‍රවාහනය, ටෙහෙරානය විසින් තහනම් කර තිබේ. ගෝලීය ඉන්දන ප්‍රවාහනයෙන් 20% සිදු කෙරෙන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා ය.
පෙබරවාරි 28 දා ඉරානය වෙත ඊශ්‍රායල - එක්සත් ජනපද ප්‍රහාර ඇරඹි තැන් සිට උත්සන්න වූ මැද පෙරදිග ගැටුම හේතුවෙන්, ලොව, උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.

එක්සත් ජනපද ජනපතිගේ විශේෂ ඉල්ලීම පරිදි එම රටවල් හෝර්මුස් සන්ධිය වෙත යුද නෞකා පිටත්කර හැරිය යුතු වේ. එය ආරක්ෂා කිරීම, ඒ ඔස්සේ රැගෙන එන ඉන්දන මත රැඳි රටවල වගකීම බව, ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.
ඔහු සාකච්ඡා කළ රටවල් හත කවරේදැයි සඳහන් කර නොමැත. එහෙත්, චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව, ඔහුගේ සමාජ මාධ්‍ය සටහනක දැක්වේ. හෝර්මුස් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස ඔහු යුරෝපීය රටවලට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී. එම රටවල් ඊට සහාය නොවුවහොත්, නැටෝ සංවිධානයට අනාගතයේ 'ඉතා නරක' ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙතැයි ද ජනපති වරයා විසින් ප්‍රකාශ කර තිබේ.
ඉරාන ප්‍රධාන ඉන්දන අපනයන කේන්ද්‍රය පිහිටි ඛාග් දිවයින වෙත ප්‍රහාර දැඩි කරන බවද, ඔහු අවධාරණය කළේය.
මේ අතර, ඉරානය සාවද්‍ය තොරතුරු බෙදාහැරීමට, කෘත්‍රිම බුද්ධිය, "විකෘති-තොරතුරු අවියක්" ලෙස භාවිතා කරන බව, ජනපති ට්‍රම්ප් චෝදනා කරයි. එමගින්, ඉරානය යුද්ධයේ සාර්ථකත්වය කරා පැමිණෙන බවට වැරදි තොරතුරු බෙදා හරිමින් ඇතැයි ඔහු කියයි.

"කෘත්‍රිම බුද්ධිය අතිශය භයානක විය හැකියි. ඒ නිසාම අප ඉතා ප්‍රවේශම් විය යුතුයි," ඔහු සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතා පැවසීය. ඉරානය සමග සමීප සම්බන්ධීකරණයේ පසු වෙමින් එම සාවද්‍ය පුවත් බෙදාහැරීම පිළිබඳව ඔහු බටහිර මාධ්‍ය ආයතන වෙත චෝදනා කළේය.
ඉරානය සමග සමීප සබඳතා පවත්වන බටහිර මාධ්‍යායතන කවරේදැයි ජනපතිවරයා විසින් අනාවරණය කර නැත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump accuses Iran of using AI to spread disinformation







