leader s

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත එල්ල කළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400ක් මරණයට පත්ව ඇති අතර 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

 

රෝහල වෙත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා පාකිස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරයි. නිවැරදි සන්නද්ධ ඉලක්ක හඳුනා පහර දුන් බව එම හමුදා පවසති. ඊයේ (16) රාත්‍රී එල්ල කළ එම ප්‍රහාරයට ත්‍රස්ත යටිතල පහසුකම් ද හසු වූ බව ඔවුහු කියා සිටිති. ප්‍රහාරයෙන් අනතුරුව සිදු වූ දෙවන පිපිරීම මගින්, එම ආසන්නයේ විශාල වෙඩි බෙහෙත් ගබඩා තිබූ බව ප්‍රත්‍යක්ෂ වේ යැයි පාකිස්ථාන තොරතුරු අමාත්‍ය, අතාවුල්ලා ටාරාර් කියයි.

kabul 2

 

චීනය විසින් දකුණු ආසියානු ඉස්ලාමීය අසල්වැසි දෙපස යළි සමගි කිරීමට සූදානම් බව ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසු එම ප්‍රහාරය එල්ල විය. දරුණු සටන් වෙත ව්‍යාප්ත නොවී වහා සාකච්ඡා මේෂයට එන ලෙස චීනය එම දෙපාර්ශවයෙන්  උදක්ම ඉල්ලා සිටී.

ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානය කි.මී.2600ක දේශ සීමාවක් දෙපස පිහිටියේය. පසු ගිය මස දෙරට අතර දරුණු සටන් ඇවිලිණි.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Afghanistan says 400 killed in Pakistan air strike on Kabul hospital, Pakistan rejects claim

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්