leader s

ඊශ්‍රායල හමුදා, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානී ඉලක්ක කර පහරදුන් බව පවසති. ඔහුගේ ඉරණම කුමක් දැයි තවමත් වාර්තා නොවේ. ඉරානය ද ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.


මේ අතර ඉරාන තෙල් නිෂ්පාදනයට සහ අපනයන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කෙරෙන බව එරට පාර්ලිමේන්තු බලශක්ති කොමිසමේ ප්‍රකාශක අද (17) පැවසීය. එරට  වැඩිම ඉන්දන අපනයනය කෙරෙන ඛාර්ග් දිවයිනේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද කීය.

 

yru

එම දිවයිනට සිදු වන ඕනෑම සතුරු ප්‍රහාරයකදී හෝර්මුස් අර්බුදයට ඉඳුරා වෙනස් අතිශය තීරණාත්මක ව්‍යසනයකට ලොව ගොදුරු වනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය. මේ වන විට, ඉරානය විසින් එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ එම සන්ධානයට අයත් නෞකා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම තහනම් කර තිබේ.

මේ අතර ඉරාන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉරාක ඉන්දන නෞකා යාත්‍රා කිරීමට අවසර ඉල්ලා දෙරට අතර සාකච්ඡා සිදු කර ඇත. අතහැර දමා තිබු සැපයුම් නල පද්ධතියක් ඔස්සේ ඉරාකයේ සිට තුර්කිය වෙත ඉන්දන සම්පාදනයට ද අවධානය යොමුව තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍ර :

Israeli military strike targeted Iran's security chief Larijani, fate unclear, officials say

Iranian oil production and exports continue without interruption, official says

Iraq in talks with Iran to safeguard oil tanker traffic through Hormuz

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්