ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.
ඉරාන ප්‍රහාර තීව්‍රතාව සමනය කරන ලෙස මැදහත් පාර්ශව කළ ඉල්ලීම් එරට නව උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානය ඉදිරියේ දණ ගැස්විය යුතු යැයි ඔහු කියයි.
මැදහත් රාජ්‍ය කිහිපයක්, එක්සත් ජනපදය සමග සටන් විරාමයකට යන ලෙස දැනටමත් ඉරාන රජයෙන් ඉල්ලා තිබේ.
මෙම අවස්ථාව සටන් විරාම සාකච්ඡා පිණිස නොවන බව සිය ප්‍රථම විදෙස් කතාබහට එක් වූ ඛමෙනි සඳහන් කළේය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය දෙපා මුල දණ ගැස්විය යුතු බව ඔහු කියා සිටියේය. ඔවුන් පරාජය පිළිගත යුතු බවත්, වන්දි ගෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉරානයේ නව උත්තරීතර නායකයා බවට තේරී පත් වීමෙන් අනතුරුව ඛමෙනි තවමත් ප්‍රසිද්ධ පෙනී සිටීමකට නොපැමිණියේය.
මැද පෙරදිග යුද්ධයෙන් මේ වන විට 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. එහි නිමාවක් තවමත් දක්නට නොවේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/17/2026
(
මුලාශ්‍රය :
Iran rejects de-escalation offers; Israel says it kills Iranian security chief









