ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය අසලට ඊයේ (17) සන්ධ්‍යාවේ මිසයිල ප්‍රහාරයක් පතිත විය.
ඉන් එම පරිශ්‍රයට හානියක් නැතැයි වාර්තා විය. පුද්ගල අනතුරු ද වාර්තා නොවේ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය විසින් ද ඒ බැව් තහවුරු කොට තිබේ.
එම ප්‍රහාරයෙන් අනතුරුව ඉරාන රජය වහා ඒ බැව් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය වෙත දැන්වීය. ප්‍රහාරයෙන් බලාගාරයට හෝ එහි කාර්ය මණ්ඩලයට හානියක් නැතැයි ද දන්වා සිටියේය.

මැද පෙරදිග ගැටුමේදී න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙස එම ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසී සියළු පාර්ශව වෙතින් උදක්ම ඉල්ලා සිටී.
රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව එම ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/18/2026
(
මුලාශ්‍රය :
Projectile hits near Iran's Bushehr nuclear plant, no damage or injuries reported








