leader s

සොහ්රාබ් සහ උෂාං ගයිරත්

 

රුසියානු රූපවාහිනී නාලිකාවක්, 2022 වසර මුල, කුඩා ළමුන් ඉලක්ක කරගත්, බනී බ්‍රදර්ස් (Bunny Brothers) නම් කාටූන් චිත්‍රපට මාලාවක් විකාශය කළේය.


මොස්කව්හි පිහිටි සෆිර් ඇනිමේෂන් (Safir Animation) නම් චිත්‍රාගාරයක් විසින් එය නිෂ්පාදනය කෙරිණි.  

කාටූන් මාලාවේ ප්‍රධාන නිෂ්පාදකයා, අධ්‍යක්ෂවරයා සහ එකම හිමිකරු, එවක වයස අවුරුදු 57ක ඉරාන ජාතිකයෙකු වූ අරාෂ් ඩොරූදි (Arash Doroudi) නම් අයකු විය. ඔහු රුසියානු බස චතුර ලෙස හැසිරවිය හැකි අයෙකි.

ඩොරූදි තවත් එවැනිම නමකින් අන් තැනෙක වෙනත් චිත්‍රාගාරයක්  සමඟ ද සබඳතා පැවැත්වීය. එහි නිෂ්පාදනය කෙරුනේ ඉඳුරා වෙනස් අන්තර්ගතයන් ය. එනම්, ඉරාන හමුදා සංවර්ධන කටයුතු පිළිබඳ වීඩියෝ වැඩසටහන් ය. රුසියානු  ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් එම වැඩසටහන් නිෂ්පාදනය කෙරිණි.

වත්මන් රුසියානු ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන තිබිය යුතු  යැයි ව්‍යාපාර ක්‍රමෝපාය පිළිබඳ පැනයකට පිළිතුරු දෙමින් ඩොරූදි වරක් පැවසීය.

ළමා කාටූන් සහ ඉරාන හමුදා සම්බන්ධ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය පමණක් නොව, ඔහු තවත් බොහෝ කුප්‍රකට ව්‍යාපාරයන්හි ද නිරත වූ බව දැන් අනාවරණය වී තිබේ.

arashඅරාෂ් ඩොරූදි
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) විසින්, ඔහු හමුදා ගයිරස්කෝප්  (military gyroscopes) හෙවත් භ්‍රමනේක්ෂ අපනයනය කිරීමට යත්න දැරූ බවට චෝදනා කර තිබේ. තවද, ඩොරූදි ඉරාන ජනාධිපති පාලන අංශයට සම්බන්ධ ආයතනයක උපදේශකයෙකු ලෙසකටයුතු කර ඇති බවට ද තොරතුරු හෙළිව ඇත.

ඇෆ්ගන් සහෝදරයන් දෙදෙනෙකු වූ සොහ්රාබ් සහ උෂාං ගයිරත් සමඟ ද ඩොරූදි ගේ ව්‍යාපාරික කවයන් සහ සෙවනැලි ක්‍රියාකාරකම් පැවතියේය.  එම සොයුරන් දෙදෙනාගේ පියා මොස්කව්හි ඇෆ්ගන් තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කළ අයෙකි.

පසු කාලීනව ඩොරූදි ගේ පැරණි චිත්‍රාගාරය සොහ්රාබ් සතු විය. පසුව, එමගින් රුසියාවේ මඳ ජනප්‍රියත්වයට පත් කාටූන්  චිත්‍රපටයක් ද නිෂ්පාදනය කර නිකුත් කෙරිණි.

එහෙත්, එම බාහිර ක්‍රියාන්විතයෙන් ඔබ්බට, ඇෆ්ගන් සහෝදරයන් දෙදෙනා  චිත්‍රපට ලෝකයෙන් බොහෝ දුරස් මෙහෙයුමක නිරතව සිටියහ.  එනම්, යේමනයේ ඉරාන සහාය ලබන හුති කැරලිකරුවන්ට රුසියානු ආයුධ ලබා ගැනීමට සහාය දීම ය.  හුති සංවිධානය එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරුණකි.  

gry56y56u67u2022 වසරේ වසන්තයේ දී රුසියානු සිනමාහල් සොහ්රාබ් ගයිරත්ට අයත් ස්කයි ෆ්‍රේම්  චිත්‍රාගාරය මගින් නිෂ්පාදනය කරන ලද 'ඩොල්ෆින් බෝයි' නම් කාටූන් චිත්‍රපටයක් තිරගත  කළහ. එය, ඩොල්ෆින් මසුන් විසින් ඇති දැඩි කරන ලද පිරිමි ළමයෙකු පිළිබඳ සරළ කතා පුවතෙකි. එම චිත්‍රපටය රූබල්  මිලියන 95 කට ආසන්න මුදලක් එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.17ක් ඉපැයීය. ඊට සිය කට හඬින් දායක වූ පොප් ගායකයෙකු හේතුවෙන්, එහි ජනප්‍රියතාවය තවත් ඉහළ  ගියේය.


චිත්‍රපටය රුසියාවෙන් එපිට නෙට්ෆ්ලික්ස්, ඇපල් ටීවී සහ ඇමේසන් ප්‍රයිම් වැනි වේදිකා හි ද ප්‍රදර්ශනය විය.  චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපතේ අයිතිය කැලිෆෝනියාවේ ප්‍රධාන චිත්‍රාගාරයක් වන ලයන්ස්ගේට් සතු විය.

2025 අප්‍රේල් 4 වන දා, මොස්කව් පුණ්‍යායතනයක් විසින් පවත්වන ලද චිත්‍රපට ප්‍රදර්ශනයකට 39 හැවිරිදි  සොහ්රාබ් ද සහභාගී විය. ඒ පිලිබඳ ෆේස්බුක් සටහනක පළවූ ඔහුගේ ඡායාරූප පිලිබඳ ඔහු නොසතුටට පත් ව සිටියේය. පසුව එම ඡායාරූප  පිළිබඳව ඔහු පර්සියානු බසින් සිය අප්‍රසාදය  පළ කළේය.

"පදනම් විරහිත මනඃකල්පිතයන් සමඟ දිවා රෑ ගත කරන ප්‍රවෘත්ති ආයතන වෙත ලියමි. මා පිලිබඳ ඔබ පල කරන අපුල සහගත තොරතුරු සඳහා කරුණාකර අඩුම තරමින් මාගේ හොඳ ඡායාරූපයක් හෝ  භාවිතා කරන්න," ඔහු සඳහන් කළේය.

 

soh3සොහ්රාබ් ගයිරත්
ඔහු සඳහන් කරන්නේ කුමක් දැයි පූර්ණව පැහැදිලි නොවීය. එහෙත් ඊට දෙදිනකට පෙර එක්සත්  ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සම්බාධක ලැයිස්තුවක දින දෙකකට පෙර, ප්‍රථම වරට, ස්කයි ෆ්‍රේම් චිත්‍රාගාරයේ මෙන්ම සොහ්රාබ්, සහ උෂාං ගයිරත් ගේ නම්  සඳහන් විය

යේමනයේ හුති හමුදාවන්ට රුසියානු ආයුධ ලබා ගැන්මට සහාය දැක්වූ බවට එමගින් ඔවුන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාරයට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි. එපමණක් නොව, සොරකම් කරන ලද යුක්‍රේන ධාන්‍ය තොග යේමනයට සහ වෙනත් ස්ථාන කරා නැව් ගත කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල විය.

මොස්කව්හි ඇෆ්ගන් තානාපති කාර්යාලයේ සේවය කළ පළමු ලේකම්වරයෙකුගේ පුතුන් දෙදෙනා වූ සොහ්රාබ් සහ උෂාං යන දෙදෙනාම රුසියානු භාෂාව මනා ව හැසිරවූ අය වූහ. එමෙන්ම ඔවුහු  කීර්තිමත් මොස්කව්, රාජ්‍ය ජාත්‍යන්තර සබඳතා ආයතනයේ (MGIMO)  උපාධිධාරීන් ද වූහ.

ඩොරූදි, සෆිර් ඇනිමේෂන් ආයතනය ආරම්භ කර දිනක අවෑමෙන් එනම්,  2021 මාර්තු 11 වන දින සොහ්රාබ්, ස්කයි ෆ්‍රේම් හි වැඩ භාර ගත්තේය.

සොහ්රාබ් සහ උෂාං සොයුරන්, ඉරානයේ  ඉහළ පෙළ හුති  නිලධාරියෙකු වන සයීඩ් අල්-ජමාල්ගේ ඉල්ලීම පරිදි ආයුධ සහ තෙල් නැව්ගත කිරීම් සැලසුම් කළ  බව ට ද එක්සත් ජනපද සම්බාධක නිවේදනයෙන් චෝදනා එල්ල විය.

අල්-ජමාල් යනු  මැද පෙරදිග, අප්‍රිකාව සහ ආසියාවේ ගැනුම් කරුවන් වෙත ඉරාන ඉන්ධන සහ තෙල් නිෂ්පාදන ජාවාරමේ නියුතු  සමාගම් සහ යාත්‍රා ජාලයක හිමිකරුවෙකි.  එම කුප්‍රකට ව්‍යාපාරයන්ගෙන් ලද ආදායමෙන් සැලකිය යුතු කොටසක් අතරමැදියන් සහ හුවමාරු ආයතන ජාලයක් හරහා යේමනයේ හුති සංවිධානයට මෙන්ම, එක්සත් ජනපදය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන ලද ලෙබනන සන්නද්ධ  කණ්ඩායමක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ  කුඩ්ස් බලකායට සහ හිස්බුල්ලා සංවිධානය වෙත ද හිමි විය.

ගයිරත් සහෝදරයන් සහ හුති කැරලිකරුවන් අතර ඉන්දන සහ අවි  ජාවාරම් පැවති බවට ද චෝදනා එල්ල විය.

 

5n8e56un
දශකයකට පමණ පෙර, ඔවුහු  තවත් කෙටි කාලීන ව්‍යාපාරයකට සම්බන්ධ වූහ.  එය "පළමු ස්වාධීන ඇෆ්ගන් සමාජ ජාලය" නම් තොරතුරු තාක්ෂණ සමාගමකි.

වසරක් පමණක් පැවති එම ව්‍යාපාරයට, කමලුදීන් නබිසාදු නම් පුද්ගලයකු ද ඇතුළත් විය ඔහු, එවක, මොස්කව්හි ඇෆ්ගන් තානාපති කාර්යාලයේ දෙවන ජ්‍යෙෂ්ඨතම  රාජ්‍ය තාන්ත්‍රිකයා  වූයේය.

ගයිරත් සොයුරන්, එක්සත් ජනපද සම්බාධකවලට හසු වීමට තෙවසරකට පෙර, එනම්, 2022 දී නබිසාදුගේ නම එම  සම්බාධක ලේඛනයට  ඇතුළත් කෙරිණි.

රහසිගතව රුසියාවට ඉරාන තෙල් ප්‍රති-නැව්ගත කිරීම  සැලසුම් කිරීම  සහ ඒ ඔස්සේ ඉරානයට යළි ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වත්කම් හරවා යැවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නබිසාදු වෙත චෝදනා එල්ල කළේය. රුසියානු රාජ්‍ය සහ බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලයන් හා සමීපව කටයුතු කරමින් එම ජාවාරම් සිදු කර තිබිණි.

ඉකුත් මාර්තු  13 ට පෙර, ස්කයි ෆ්‍රේම් වෙබ් අඩවියේ මුල් පිටුව පිරික්සා බැලීමේදී සබැඳි කිහිපයක් සොයාගත හැකි විය. ඒ අනුව, එහි ඇති දුරකථන, ඊමේල්  තොරතුරු සහ චිත්‍රාගාරයේ අනෙකුත් ව්‍යාපෘතීන්හි ප්‍රවර්ධන තොරතුරු අතර ට්‍රිටිකම් සමූහ වෙළඳ භාණ්ඩ නම් සමාගමක සබැඳියක් ද හමු විය.  

 

tr58767iyu  
ඊට අයත්, ලින්ක්ඩ්-ඉන් (  LinkedIn ) පිටුවේ, ට්‍රිටිකම් සමාගම යනු  "මැද පෙරදිග වෙත ධාන්‍ය බෝග ආනයනය කිරීම සඳහා විශේෂිත  ජාත්‍යන්තර වෙළඳ සමාගමක්" ලෙස දක්වා තිබිණි.  එහි, එම සමාගම් සේවිකාවක පිළිබඳව ද තතු සඳහන් ය.  ඇය, මොස්කව්හි වෙසෙන යුක්‍රේන සම්භවයක් සහිත ඇඩෙලිනා උස්ටා නම් කාන්තාවකි.

මීට දින කිහිපයකට පෙර තොරතුරු පිණිස ඇයව ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු අතර ඇය ඊට පිළිතුරු නොදී, සමාගම සතු ලින්ක්ඩ්-ඉන් පිටුවෙන් ද ඉවත්ව, ඇගේ පුද්ගලික ටෙලිග්‍රම් ගිණුම ද මකා දැමුවාය. එදිනම ට්‍රිටිකම් සමාගමට අයත් වෙබ් අඩවිය ද මාර්ගගත සබඳතා වෙතින් ඉවත් ව තිබිණි. ස්කයි ෆ්‍රේම් චිත්‍රාගාරයට අයත් රුසියානු සහ ඉංග්‍රීසි බසින් පල කළ වෙබ් අඩවි ද අන්තර්ජාලයෙන් අතුරුදන් විය.

එහෙත්, පසු දින යළි සියල්ල යථාවත්ව දිස් විය.  

එහි ආයතන ලියාපදිංචි ලේඛනයකට අනුව ට්‍රිටිකම් සමාගමට අයත් ප්‍රධාන කාර්යාලය මොස්කව් නගරයේ මහල්  සංකීර්ණයක පිහිටි  'නෙවාටවර්ස්' හි පිහිටියේය.

එම ලිපිනයේම පිහිටි තවත් සමාගමෙකි. එය,කොලිබ්‍රි සමූහ ව්‍යාපාර ලෙස දැක්වේ.  එහි ප්‍රධාන විධායක නිලධාරී සොහ්රාබ් ගයිරත් ය. සමාගම් හිමිකරු උෂාං ලෙස දක්වා තිබේ.  ආයතනික වාර්තා අනුව, ධාන්‍ය මිලදී ගැනීම සහ විකිණීම, සමාගම සතු  ප්‍රධාන ව්‍යාපාරයකි.

 

ukhe7ie67yugthj
ආයුධ ප්‍රසම්පාදනයට අමතරව, 2024 වසරේ  ගිම්හාන සහ සරත් සමයේ යේමනයට, සොරකම් කරන ලද යුක්‍රේන ධාන්‍ය යැවීම සම්බන්ධයෙන් ද ගයිරත් සොයුරන් එක්සත් ජනපද චෝදනාවන්ට ලක් විය. අවම වශයෙන් ඔවුන් විසින් එම ප්‍රති  නැව්ගත කිරීම් දෙකක්වත්  සැලසුම්  කළ බවට චෝදනා එල්ල විය.    
ස්කයි ෆ්‍රේම් චිත්‍රාගාර සබඳතා හැරුණු විට, සොහ්රාබ් ගයිරත් සහ ඩොරූදි  අතර පැවති වෙනත් ගනුදෙනු පිලිබඳ අනාවරණය නොවතත්, ඩොරූදි වසර ගණනාවක් රුසියාවේ වෙසෙමින් විවිධ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි බවට පැහැදිලි සාක්ෂි හමු විය.  

 ඉරානයේ මෂාඩ්හි උපත ලද බව පැවසෙන ඩොරූදි  2014 වසරේ රුසියානු පුරවැසිභාවය ලද්දේය. 2020 වසරේ  සිට  ඔහුගේ පදිංචිය මොස්කව් කලාපයේ ක්‍රස්නොගෝර්ස්ක් හි ය.

ඩොල්ෆින් බෝයි චිත්‍රපටය නිෂ්පාදනය කළ ස්කයි ෆ්‍රේම් චිත්‍රාගාරයෙන් ඉවත්ව මසකට පසු, එනම්,  2021 වසරේ අප්‍රේල් මාස ඔහු සෆිර් ඇනිමේෂන් චිත්‍රාගාරය ආරම්භ කළේය.

vw6u56y56
ඔහුට අයත් සෆිර් සමාගම, (Safir LLC) සෆිර් ඇනිමේෂන් ( Safir Animation) සහ වෙනත් අනුබද්ධිත ව්‍යාපාර සමඟ ද සම්බන්ධව පැවතියේය. සෆිර් සමාගම යනු රුසියාව සහ මැද පෙරදිග අතර විශ්වාසී පාලමක් ලෙස දක්වා තිබිණි. එමගින්, වෛද්‍ය උපකරණ සහ ගෑස්ටර්බයින නැව් ගත කිරීම් මෙන්ම, සහ විදුලි සංදේශ තාක්ෂණ සේවා සපයන බව ද සඳහන් විය.  

රාජ්‍ය රූපවාහිනී ජාලයක් වන කරුසෙල් (Karusel) ඔස්සේ සෆිර් ඇනිමේෂන් සමාගමේ නිෂ්පාදනයක් ලෙස විකාශය  වූ කථාංග 26 කින් යුත් 'බනී බ්‍රදර්ස්' ළමා කාටූන් කතා මාලාව එතරම් ජනප්‍රිය නොවීය. ප්‍රේක්ෂකයෝ, එය හරසුන් හිස් කාටූන් පෙළකැයි පැවසූහ.

2025 වසරේ ජනවාරි  මස  සයිබර් අවකාශයේ ARES නම්, හැකර් සංවිධානයක් එහි ටෙලිග්‍රම් නාලිකාව මත ලේඛන රැසක් ප්‍රසිද්ධ කළේය. එම ලේඛනවල අනුමාන කර්තෘ, රුසියාවේ ප්‍රධාන දේශීය බුද්ධි ඒජන්සිය හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවය විය.

එම ලේඛනවලට අනුව, ඩොරූදි ඉරාන ජනාධිපති පරිපාලනයට සම්බන්ධ ආයතනයක් වන 'ප්‍රගතිය සහ සංවර්ධන මධ්‍යස්ථානයේ' උපදේශකයෙකු ලෙස හඳුනා ගැනිණි.

(සටහන |RadioFreeEurope/RadioLiberty ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Cartoons For Kids, Cash For Iran, Weapons For Houthis: A Web Woven In Moscow


 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්