අද (18) ඉරානයෙදී ස්වීඩන් ජාතිකයකුට මරණීය දණ්ඩනය හිමි විය.
ඔහු කවරෙක් දැයි ස්වීඩන් විදේශ අමාත්‍යංශය සඳහන් නොකළේය.
ඔහු පසු ගිය වසරේ ජුනි මස ඉරාන අත්අඩංගුවට පත් වූ අතර ඒ පිලිබඳ ස්වීඩන් බලධාරීහු ඉරාන රජයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියහ.
මරණීය දණ්ඩනය යනු අමානුෂික, කෲර, යළි හැරවිය නොහැකි දඬුවමකැයි, ස්වීඩන විදේශ අමාත්‍ය, මාරියා මැල්මර් ස්ටෙනර්ගාර්ඩ් කියා සිටියාය.
සියලු තත්ත්වයක් යටතේ එය ක්‍රියාත්මක කිරීම ස්වීඩනය සහ යුරෝපීය සංගමය දැඩි ලෙස හෙලා දකින බවද ඇය කීය.
එම ස්වීඩන් ජාතිකයා ඝාතනය කිරීම අදාළ නෛතික ක්‍රියාවලියේ අනුගතයෙන් පරිබාහිරව සිදු කර ඇතැයි ද ඇය චෝදනා කළාය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය
Swedish citizen executed in Iran, Sweden's foreign minister says








