leader s

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් (Esmail Khatib) ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

අද (18) තහවුරු කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයේ හඳුනාගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17) රාත්‍රියේ එල්ලකළ ප්‍රහාරවලදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇත.

ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මියයන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8න නිලධාරියා විය.

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය කාතිබ්ගේ මරණය හෙළිකර තිබේ.

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හෝ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර තිබුණි.

එම ලැසිස්තුවට එස්මායිල් කාතිබ්ගේ නමද ඇතුළත්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

විදෙස් මුලාශ්‍ර :

Israel says it has killed Iran's intelligence minister in overnight strike

Israel says it kills Iran intel minister in third assassination in two days

Israel says it has killed Iran’s intelligence minister in latest assassination of regime leadership

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්