leader s

ඉරානය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

 

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගෑස් පහසුකම් මධ්‍යස්ථානයක මෙහෙයුම් නතර කර ඇති බවත්, සවුදි අරාබිය තමන් වෙත එල්ල වූ ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල සාර්ථකව මැඩපැවැත්වූ බවත්, ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ery454457567

 

මීට පෙර ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියේ කොටසක් වන ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය ඊශ්‍රායලයට දොස් පවරා තිබේ.

ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් සිදු කළ බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව මේ දක්වා නිල වශයෙන් එය තහවුරු කර නොමැත.

| hirunews

මුලාශ්‍ර :

Extensive Damage At World's Largest LNG Plant In Qatar After Iran Strike

Qatar LNG site hit by missile strike as Gulf crisis escalates

 

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්