leader s

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ යුද්ධය වහාම අවසන් කරන්නැයි කටාර් රාජ්‍ය ඉල්ලීය.


කටාර් රාජ්‍යයේ ගෑස් පර්යන්තකයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙම ඉල්ලීම කළ අතර කිසිදු කොන්දේසියක් නොමැතිව කඩිනමින් යුද්ධය අවසන් කරන්නැයි මේ ආකාරයේ ඉල්ලීමක් කළ ගල්ෆ් කලාපයේ පළමු බලශක්ති නිෂ්පාදකයා වන්නේ ද කටාරය යි.

තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් සමඟ පැවැති හමුවේදී කටාර් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“මෙම යුද්ධය වහාම නැවැත්විය යුතුයි. මෙම ආක්‍රමණය වහාම නතර විය යුතුයි," යනුවෙන් කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි බ්‍රහස්පතින්දා පැවැසීය.

අරාබි සහ මුස්ලිම් රටවල් බදාදා දිනයේදී මෙම යුද්ධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි සටන් විරාමයක් හෝ ගැටුම් නැවැත්වීමක් ගැන සඳහන් නොවිණි. එම නිසා කටාර් රාජ්‍යයේ මෙම ඉල්ලීම විශේෂ වේ.

 



ඉරානය වහාම ප්‍රහාර එල්ල කිරීම නැවැත්විය යුතු බවත්, ඉරානයේ ක්‍රියාකාරකම් හෙළා දකින බවත් බදාදා දිනයේ දී නිකුත් කළ එම ප්‍රකාශයේ දැක්විණි.

ඊජිප්තුව, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජානය, පාකිස්තානය, කටාරය, කුවේටය, ලෙබනනය, ජෝර්දානය සහ සිරියාව යන රටවල් සෞදියේ රියාද්හි පැවති හමුවකින් පසු එම ප්‍රකාශය නිකුත් කර තිබුණි.

"මෙම යුද්ධයේ ප්‍රධාන ප්‍රතිලාභියා කවුද සහ මුළු කලාපයම මෙම ගැටුමට ඇද දැමීමෙන් වාසි ලබන්නේ කවුද යන්න කවුරුත් දන්නවා," යැයි අල්-තානි වැඩිදුරටත් පැවසීය.

ඔහුගේ මෙම අදහස් දැක්වීම ඊශ්‍රායලය ඉලක්ක කර ගත්තක් යැයි මිඩ්ල් ඊස්ට් අයි වෙබ් අඩවිය සඳහන් කර තිබිණි.

 


ඉරානයේ 'සවුත් පාර්ස්' (South Pars) ගෑස් නිධියට සහ පහසුකම්වලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, ඉරානය අරාබි ගල්ෆ් කලාපයේ බලශක්ති නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළේ ය. ‍

මෙම යුද්ධය දිගටම කරගෙන යෑම ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ ඉරානයේ හෝ යහපතට හෝ ඔවුන්ගේ අභිලාෂවලට හෝ හේතු නොවන බව ‘ද ඉකොනොමිස්ට්’ [ 'The Economist'] සඟරාවට ලිපියක් ලියමින් ඕමාන විදේශ අමාත්‍ය බදර් බින් හමාඩ් අල්-බුසයිඩි සඳහන් කර ඇත.

ඉරානයේ ඉස්ලාමීය ජනරජය පෙරලා දැමීම සඳහා ඊශ්‍රායලයට මෙම යුද්ධය අවශ්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය සහ සෞදි අරාබිය මෙන් නොව ඕමානය සතුව ඇත්තේ ඉතා අඩු බලශක්ති සම්පතකි.

 

1773930003906
කටාරයේ 'රාස් ලෆාන්' [Ras Laffan] ද්‍රව ස්වභාවික වායු [LNG] පර්යන්තයට මිසයිල ප්‍රහාර වැදීමෙන් විශාල හානියක් සිදුව ඇති බව කටාර් එනර්ජි [QatarEnergy] ප්‍රධාන විධායක නිලධාරී සාද් අල්-කාබි බ්‍රහස්පතින්දා රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉරාන එල්ල කළ මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රහාරය හේතුවෙන් කටාරයේ එල්.එන්.ජී. [LNG] අපනයන හැකියාවෙන් සියයට 17 ක් පමණ අඩු වී ඇතැයි ද, වාර්ෂික ආදායමෙන් ඩොලර් බිලියන 20 ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි අල්-කාබි පැවසීය. මෙහි අලුත්වැඩියා කටයුතු සඳහා වසර තුනත් පහත් අතර කාලයක් ගතවනු ඇතැයි ද පැවසේ.

මෙම ප්‍රහාරයේ බලපෑම හේතුවෙන් ගෑස් මිල වේගයෙන් ඉහළ යනු ඇති අතර ආසියාවේ සහ යුරෝපයේ පාරිභෝගිකයන් වෙත එහි බලපෑම විශේධයෙන් දැනෙනු ඇත. ලෝකයේ එල්.එන්.ජී.  සැපයුමෙන් සියයට 20 ක් පමණ සපයන්නේ කටාරය වන අතර, කටාර් ගෑස් සඳහා වහාම ආදේශකයක් සොයාගත නොහැකි බලශක්ති විශේෂඥයන් පැවැසූහ.

 

cq5yq4ygfg
එමෙන්ම සෞදි අරාබියේ අභ්‍යන්තරයට පවා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තමන්ට ඇති බව ඉරානය පෙන්නුම් කර ඇති අතර රතු මුහුදේ පිහිටි සෞදියේ 'යාන්බු' [Yanbu] වරාය ආසන්නයට ද ඉරාන ප්‍රහාරයක් එල්ල විය. හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට ඉරාන පාලනය යටතේ පවතින බැවින්, සෞදි අරාබියේ බොරතෙල් අපනයනය සඳහා ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස වර්ධනය වී ඇත්තේ මෙම යාන්බු වරායයි.

 

Qatar calls for 'immediate' end to war on Iran after attack on gas facility

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්