leader s

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි තර්ජනය සැලකිල්ලට

ගනිමින්, පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos Jr) අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි 'ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්' ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ විධායක නියෝගයේ දැක්වෙන්නේ, පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ අවිනශ්චිතතාවයක් සහ සැපයුම් දාමයන් බිඳ වැටීමක් සිදුව ඇති බවයි.

මේ හරහා ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බැවින් පිලිපීනයේ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බව ජනාධිපතිවරයා පවසයි.

ඉන්ධන, ආහාර, ඖෂධ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයකින් තොරව බෙදා හැරීම සහතික කිරීමට විශේෂ කමිටුවක් මෙහිදී පිහිටුවා තිබේ.

වසරක කාලයක් බලපැවැත්වෙන මෙම නියෝගය හරහා ඉන්ධන සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීමට රජයට විශේෂ බලතල හිමිවේ.

අවශ්‍ය වුවහොත් ඉන්ධන සැපයුම් ගිවිසුම් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට ද රජයට අවසර ලබා දී තිබේ.


මේ අනුව, මැදපෙරදිග ගැටුම හේතුවෙන් බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ පළමු රට බවට පිලිපීනය පත්වේ.


පිලිපීන බලශක්ති ලේකම් ෂැරන් ගාරින් සඳහන් කළේ, වත්මන් පරිභෝජනය අනුව රට තුළ තවත් දින 45 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

එම සංචිත තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා අග්නිදිග ආසියාවෙන් සහ අනෙකුත් රටවලින් තෙල් බැරල් මිලියනයක් කඩිනමින් මිලදී ගැනීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මුලාශ්‍ර :

Philippines becomes 1st country to declare energy emergency due to Mideast conflict

Philippines declares energy emergency over Middle East conflict risks

Philippines declares energy emergency over Iran conflict 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්