ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.
* ඉරාන රජය විසින් එරටට පනවා ඇති අන්තර්ජාල තහනමට දින 26ක් පුරා ක්‍රියාත්මක වන අතර, එය පැය 600 සීමාව පසුකර ඇති බව NetBlocks ආයතනය වාර්තා කරයි.
* ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය අඩු කිරීම සඳහා තුර්කිය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
* ඒ අතර ඉරාන ජාතිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ලබාදී ඇති සංචාරක වීසා මාස හයක කාලයකට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
* ඊශ්‍රායලයේ ප්‍රධානතම නගරයක් වන ටෙල් අවිව් නගරය අවට ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බව වාර්තා වේ.
* බටහිර ඉරාකයේ පිහිටි හමුදා හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයකට සහ ඉංජිනේරු අංශයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් විශාල හානියක් සිදුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
* ඉරානයේ මිසයිල නිෂ්පාදනය කරන ස්ථාන දෙකකට තම ගුවන් යානා මගින් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
* මධ්‍යම ගාසා තීරයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීනුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
* ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා තමන් සතු අතිරේක තෙල් සංචිත තවදුරටත් මුදා හැරීමට සූදානම් බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol) පවසා තිබේ.
* අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සාමය සහ සාකච්ඡා ගැන පවසන කරුණු විශ්වාස කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.
* අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර මාලාව තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
* කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිහිටි ඉන්ධන ටැංකියකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එයින් විශාල පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇත.
* අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන ඕනෑම සාකච්ඡාවකට පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් අනිවාර්යයෙන්ම සම්බන්ධ කර ගත යුතු බව කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් අල්-තානි පවසයි.
* උතුරු ඊශ්‍රායලයේ පිහිටි හමුදා මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
* දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
* පසුගිය පැය තුළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට ප්‍රහාරක අවි 30ක් පමණ එල්ල කර ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.
* ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කිරියාට් ෂ්මෝනා (Kiryat Shmona) නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරවල වගකීම හීස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන තිබේ.
* මැදපෙරදිග යුද්ධයමය තත්ත්වය හේතුවෙන් ජෙට් ඉන්ධන මිල ඉහළ යෑම හේතුකොට ගෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අභ්‍යන්තර සහ ඍජු ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබේ.
* ඊශ්‍රායල හමුදා විසින් දකුණු ලෙබනනයේ හනින් (Hanin) නගරයට ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
* ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හමුවේ දකුණුදිග සිඩෝන්හි පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
* ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
* අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි. අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.
* ඉරාන යුද්ධය අමෙරිකාව ජයගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ව්‍යාජ ප්‍රවෘත්ති විසින් යුද්ධය තවදුරත් පවත්වාගෙන යන බව ද ඔහු අවධාරණය කරයි.
* ඊශ්‍රායලයේ ප්‍රධානතම නගරයක් වන ටෙල් අවිව් නගරය අවට ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බව වාර්තා වේ.
| adaderana








