leader s

ගල්ෆ් කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද

විශේෂ සාම යෝජනාවලියක් පකිස්ථානය හරහා ඉරානය වෙත භාර දී ඇති බව ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් මෙම පුවත පළ කර තිබේ.

මෙම ඓතිහාසික සාකච්ඡා මාලාව පැවැත්වීම සඳහා සුදුසුම ස්ථානය ලෙස පකිස්ථානය හෝ තුර්කිය කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇත.

ඇමරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදනයක් නොමැති පසුබිමක, පකිස්ථානය ප්‍රධාන අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් මෙම යෝජනා මාලාව ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වේ.

යුද්ධය නැවැත්වීම සඳහා වන මෙම යෝජනා මාලාවට ඇහුම්කන් දීමට ඉරානය සූදානම් බව මීට පෙර ද වාර්තා වූ අතර, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ද සිය සත්කාරකත්වය ලබා දීමට කැමැත්ත පළ කර තිබිණ.

පාකිස්ථානයේ මැදිහත් වීම චීනය අගය කරයි

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා පාකිස්ථානය මැදිහත් වීමට ගත් උත්සාහය චීනය අගය කර ඇති අතර, කලාපයේ සාමය ඇති කිරීමට ගන්නා සෑම පියවරකටම තමන් සහාය දෙන බව චීනය පවසා තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි, අමෙරිකාව සහ ඉරානය අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ ප්‍රකාශයක් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ඇමෙරිකා -ඉරාන සාකච්ඡා හුදෙක් න්‍යෂ්ටික ප්‍රශ්නයට පමණක් සීමා නොවී, කලාපීය ආරක්ෂාව පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ඔහු පවසා තිබේ.

කෙසේවුවද  හිස්බුල්ලා නායක නයිම් කාසෙම් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටින අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, කිසිදු සීමාවකින් තොරව සටන දිගටම කරගෙන යන බවත්ය.

| adaderana

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්