leader s

යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් අද (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත්තේ, යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බවය.

යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානය ඉඩ නොදෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.

පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවකට ඉරානය සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ටෙහෙරානයේ කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බවත් ඉරානයේ 'ප්‍රෙස් ටීවී' පුවත් සේවය වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ යුද්ධය නැවැත්වීම සඳහා ඉරානය විශේෂිත කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇති බවයි.

ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 5 මෙසේය.

01 ආක්‍රමණ සහ ඝාතන නැවැත්වීම: සතුරා විසින් සිදු කරනු ලබන "ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන" සම්පූර්ණයෙන්ම නතර කිරීම.

02 නැවත යුද්ධයක් ඇති නොවන බවට සහතික වීම: ඉරානය මත නැවත යුද්ධයක් පටවනු නොලබන බව සහතික කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.

03 යුද හානි වන්දි: යුද්ධයෙන් සිදු වූ හානි සඳහා සහතික කරන ලද සහ පැහැදිලිව නිර්වචනය කරන ලද වන්දි ගෙවීමක් සිදු කිරීම.

04 කලාපයේ සියලු පෙරමුණු සහ එහි විසිරී සිටින සියලුම ප්‍රතිරෝධී කණ්ඩායම් සඳහා යුද්ධය අවසන් කිරීම

05 හෝමූස් සමුද්‍ර සන්ධිය පිලිබඳව ඉරානයට ඇති පරමාධිපත්‍ය අයිතිය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහතික කිරීම්.


මුලාශ්‍ර :

Iran rejects US peace plan as 'excessive' and issues five conditions to end war, state media reports

Iran Rejects US Peace Plan in Blow to Efforts to End War

Live updates: Iran rejects Trump plan to end war and issues its own demands, state TV reports

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්