leader s

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් වේ.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

oil ather
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීම දින 5ක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට තීරණය කිරීමත් සමඟ බොරතෙල් මිල ගණන් පහත වැටුණු නමුත් මේ වනවිට මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් යළි බොරතෙල් මිල ඉහළ යමින් පවතී.

තෙල් මිල වැඩිවීමත් සමග ට්‍රම්ප්ගේ තීරණයට අමෙරිකානුවන්ගේ අනුමැතිය පහළට

මැදපෙරදිග යුද්ධය මධ්‍යයේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණය අමෙරිකානුවන්ගෙන් 36% ක අවම මට්ටමකට මේ වන විට ළඟා වී ඇති බව රොයිටර් සිදු කරන ලද මත විමසුමකින් හෙළිවී තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා මෙහෙයුම් දියත් කිරීමට උපදෙස් ලබා දීමෙන් අනතුරුව ඔහු ධවල මන්දරයට පැමිණීමෙන් පසු මෑත දිනවලදී ඔහුගේ තීරණය සම්බන්ධයෙන් මෙම මත විමසුම සිදුකර ඇති බව වාර්තා වේ.

පසුගිය දින හතරක සිදු කළ සමීක්ෂණයකින් මතය විමසා ඇත්තේ අමෙරිකාවේ රැකියා කාර්ය සාධනයේ අමෙරිකානුවන්ගෙනි.

donald trump
එම මත විමසුම අනුව 40%ක්ව පැවති ප්‍රතිශතය මේ වන විට 36% දක්වා පහත වැටී ඇත.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට ආරම්භ කිරීමෙන් පසු ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බැවින් ආර්ථිකය සහ ජීවන වියදම සම්බන්ධයෙන් අමෙරිකානුවන් සැලකිය යුතු පිරිසකගේ අදහස් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් නරක අතට හැරී ඇති බව එම සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මුලාශ්‍ර :

Oil prices climb as investors reassess Middle East ceasefire prospects

Oil prices volatile as Trump talks up Iran negotiations

Trump approval sinks to 36 percent in Reuters/Ipsos poll amid gas price spike, Iran war

Trump's approval hits new 36% low as fuel prices surge amid Iran war, Reuters/Ipsos poll finds 

 

whatsapp 202507155

fuel 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්