leader s

ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කර මසකට ආසන්න කාලයක් ගත වන තැන, එක්සත් ජනපදයට තවමත් සහතික කොට කිව හැක්කේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක්  විනාශ කර ඇති බව පමණකැයි එක්සත් ජනපද බුද්ධි අංශ සමීප සබඳතා සඳහන් කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.


ඉරානය සතු තවත් තුනෙන් කොටසක මිසයිල සංචිත පිලිබඳ පැහැදිලි සඳහනක් නැත. ඇතැම් විට, සභාග බෝම්බ ප්‍රහාර හමුවේ ඒවාට හානි සිදුව ඇති බවටත් නොඑසේව, භූගත බංකර හෝ උමං තුළ වැළලී ඇති බවටත් සැක පළ කෙරේ.

 එමෙන්ම, ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන සංචිතයෙන් තුනෙන් එකක් පමණ ද විනාශ ව ඇති බව පැවසේ. යුද්ධය අවසන් වූ පසු ටෙහෙරානය සතු මිසයිල වට්ටෝරු ලේඛනය ඔස්සේ අතුරුදන් හෝ වැළලුනු මිසයිල සොයා යාමට හැකි බව ද එම බුද්ධි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම බුද්ධි තොරතුරු, බ්‍රහස්පතින්දා (26) ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනාවරණයන්ට ඉඳුරා පටහැනි ය. වත්මන, ඉරානයට ඉතිරිව ඇත්තේ රොකට් මිසයිල කිහිපයක් පමණක් බව ඔහු පැවසීය. ඉන්, ආර්ථික මර්මස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉදිරියේ එල්ල විය හැකි තර්ජන පිළිබඳව ද ඔහු දන්වා සිටියේය.

trump news

"දැන් මේකයි ඔය සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නෙ; අපි හිතමුකො අපි කළේ මරු වැඩක් කියල. ඒ කියනේ, අපි උන්ගේ මිසයිල සංචිතයෙන් 99%ක් ම විනාශ කළා කියමුකො. හැබැයි, තව 1%ක් තියෙනව. අන්න ඒ 1% තමයි, ඔතනින් යන නැවක බඳේ වැදිලා, ඩොලර් බිලියන ගානක් විනාශ කරලා දාන්නෙ," ඊයේ ධවල මන්දිරයේ සිට රූපවාහිනිය ඔස්සේ කැබිනට් හමුවක් ඇමතූ ජනපති ට්‍රම්ප් පැවසීය.  

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90%කින් පමණ පහත වැටී ඇතැයි පෙන්ටගනය ද තහවුරු කළේය. එක්සත් ජනපද හමුදාවට අයත් මධ්‍යම විධානය, ඉරානය සතු මිසයිල හා ඩ්‍රෝන සංචිතයෙන්, නාවුක නිෂ්පාදන යටිතල පහසුකම් සහ නෞකා අංගනයන්ගෙන් 66%ක් පමණ මුළුමනින් විනාශ කර ඇතැයි ද බුද්ධි තොරතුරු මගින් අනාවරණය කර තිබේ.

ඉකුත් බදාදා (25) දින අවසන් වන විට එක්සත් ජනපදය විසින්, ඉරානයේ සන්නද්ධ ඉලක්ක 10,000කට අධික සංඛ්‍යාවක් වෙත ප්‍රහාර එල්ල කර ඇත.

F4EHORGB2NP7FAKY772ZWOF35E

මේ අතර, ඉරාන හිතවාදී හැකරුන් විසින් ඊයේ (27) එකසත් ජනපද ෆෙඩරල් බුද්ධි කාර්යංශ අධ්‍යක්ෂ, කාෂ් පටෙල් ගේ පුද්ගලික ඊ මේල් ගිණුමට ප්‍රවේශ ව ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය නිවේදනය කළේය. එහි වූ ඔහුගේ ඡායාරූප සහ ලේඛන රැසක් ද ඔවුන් විසින් අන්තර්ජාලයට මුදා හැර ඇත.


 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍ර :

Exclusive: U.S. can only confirm about a third of Iran's missile arsenal destroyed, sources say

Iran-linked hackers breach FBI director's personal email, publish photos and documents 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්