leader s

යේමනයේ හූති සන්නද්ධ සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් සිය දෙවන මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හූති සංවිධානය පවසා ඇත්තේ, ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ මෙම ප්‍රහාර මාලාව ඊශ්‍රායලයට එරෙහිව සිදු කරන සෘජු මැදිහත්වීමක් ලෙස විදෙස් විචාරකයෝ හඳුන්වති.

ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධති ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම දෙවන මිසයිල ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වී තිබේ.



යුද්ධය අතරතුර යේමනයේ ඉරාන හිතවාදී හූති සංවිධානයේ පළමු ප්‍රහාරය

වත්මන් මැදපෙරදිග යුද්ධය අතරතුර පළමු වතාවට තමන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ ඉරාන හිතවාදී හූති සංවිධානය ඊයේ  (28) තහවුරු කළේය.

හූති හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යහ්යා සරී, කැරලිකරුවන්ගේ ‘අල්-මසීරා’ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව ඔස්සේ සෙනසුරාදා මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාව පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය.

“දෙවියන්ගේ සහය ඇතිව, යේමන සන්නද්ධ හමුදාවන් සිය පළමු යුද මෙහෙයුම දියත් කරමින්, ඊශ්‍රායල සතුරාගේ සංවේදී හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා,” යැයි සරී x ඔස්සේ සඳහන් කර තිබේ.

තමන් එක් මිසයිලයක් ව්‍යර්ථ කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කල ඇති අතර මැදපෙරදිග කලාපයම කැලඹීමට පත් කළ සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කළ මෙම යුද්ධයට හුතී කැරලිකරුවන් ද එක්වන බවට සරී විසින් පසුගිය සිකුරාදා කරන ලද ප්‍රකාශයකින් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

දකුණු ඊශ්‍රායලයේ පිහිටි සංවේදී ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කැරලිකරුවන් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා දක්වා අඛණ්ඩව ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, බීර් ෂෙබා ප්‍රදේශය අවට සහ ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය අසල ප්‍රදේශයේ අනතුරු ඇඟවීමේ නලා තෙවැනි වරටත් නාද වූ බව වාර්තා වේ.

houthi 260329

 

හූතිවරුන් 2014 වසරේ සිට යේමනයේ අගනුවර වන සානා පාලනය කරන අතර, ඔවුන් මේ දක්වා ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයෙන් බැහැරව සිටියහ. හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී සිටියේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි. නමුත් මෙම ප්‍රහාරයත් සමඟ එම තත්ත්වය වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

2023 නොවැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ හූති කැරලිකරුවන් මිසයිල සහ ඩ්‍රෝන මගින් වෙළඳ නැව් 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව පැවසේ.

ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුමට හූති පාර්ශවය මැදිහත් වීමත් සමඟ, රතු මුහුද ආසන්නයේ නව පෙරමුණක් කරා මෙම යුද්ධය ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් මතුව ඇත.


මුලාශ්‍ර :

Yemen's Houthis launch second missile attack on Israel and vow to continue over coming days

Yemen’s Houthis launch missile attack on Israel as war with Iran intensifies

Yemen's Houthis say they launched second attack on Israel in less than 24 hours

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්