leader s

තමන්ට ඉරානයේ තෙල් ලබාගත හැකි බවත් එරට ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානය වන කාග් දූපත (Kharg Island) අත්පත් කර ගැනීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතට පවසා තිබේ.

“ඇත්තම කිව්වොත්, මගේ ප්‍රියතම දේ ඉරානයේ තෙල් ලබා ගැනීමයි. නමුත් ඇමෙරිකාවේ සිටින සමහර මෝඩ මිනිස්සු අහනවා ‘ඇයි ඔයා එහෙම කරන්නේ?’ කියලා…ඒගොල්ලෝ මෝඩ මිනිස්සු” යැයි Financial Times පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා ඇත.

karg 260314
ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානයට කිසිදු ආරක්ෂක පද්ධතියක් නැති බවත් ඇමෙරිකාව එය ඉතා පහසුවෙන් ලබාගත හැකි බවත් ය.

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය කාර්ග් දූපතේ පිහිටා ඇති අතර අදාළ දූපත ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව මීට පෙර ද ප්‍රහාර එල්ල කෙරිණි.

මුලාශ්‍ර :

Middle East crisis live: Trump says he wants to ‘take the oil’ in Iran and could seize Kharg Island ‘easily’

Trump reportedly wants to ‘take the oil in Iran’ as Tehran targets water, power facilities in Kuwait

Trump raises prospect of taking Iran’s oil and again weighs seizing Kharg Island

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්