ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) ආරක්ෂක සන්ධානයෙන් සිය රට ඉවත් කර ගැනීම පිළිබඳව
දැඩි ලෙස අවධානය යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා නේටෝ සංවිධානය සහාය ලබා නොදීම හේතුවෙන් ට්‍රම්ප් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.
බ්‍රිතාන්‍යයේ "Daily Telegraph" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, නේටෝව දැන් "කඩදාසි කොටියෙකු" (Paper Tiger) බවත්, ඇමරිකාව ඉන් ඉවත් කර ගැනීම පිළිබඳව තවදුරටත් සලකා බැලීමක් අවශ්‍ය නොවන තරමටම සිය තීරණය ස්ථිර බවත් ය.
මුලාශ්‍රය :
Trump interview: I am strongly considering pulling out of Nato







