එකඟාතවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියට විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.
සිය 'TruthSocial' ගිණුමේ සටහනක් තබමින්, ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබා දුන් බවය.
මේ වනවිට කාලය ගෙවී යමින් පවතින බවත් මෙම කාලසීමාව තුළ ඉරානය සාධනීය පියවරක් නොගතහොත් "නිරයම ඔවුන් මතට ඇද වැටෙනු ඇති" යනුවෙන් ඔහු අවධාරණය කර සිටියි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (05) දින 37ක් ගත්වී තිබේ.
ට්‍රම්ප් ගේ තර්ජන හමුවේ ඉරානයෙන් පිළිතුරු
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ලබන සඳුදා වන විට යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය දැඩි පිළිතුරු ලබා දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අමෙරිකාවට අනතුරු අඟවමින් පවසා ඇත්තේ මෙම ආක්‍රමණකාරී ක්‍රියාවන් තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම අමෙරිකාවට "අපායක්" බවට පත් කරන බවයි.
ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවයි.
මුලාශ්‍ර :
'Gates of hell will open for you': Iran rejects Trump's 'helpless' 48-hour ultimatum to reopen Strait of Hormuz
'All hell will reign down': Trump gives Iran 48-hour ultimatum over Strait of Hormuz
Trump Issues 48-Hour Ultimatum to Iran Over Strait of Hormuz







