උතුරු ගාසා තීරයේ ඊයේ (5) සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් සිව් දෙනෙක් ඝාතනය වූහ.
ගාසා සටන් විරාමය ශක්තිමත් කිරීම පිණිස මැදහත් රාජ්‍යයන්ගේ වෑයම තව දුරටත් දුර්වල වෙමින් පවතී.
ගාසා නගරයේ දරාජ් නේවාසික කලාපය අසල ජෆ්ෆා වීදියේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කර එම ගුවන් ප්‍රහාරය එල්ල වූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාළ ලදහ.
ගාසා තීරයේ ආරක්ෂාවේ නියුතු සිය හමුදා අසල කුමන්ත්‍රණයේ යෙදුණු පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.
ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 700කට අධික සංඛ්‍යාවක් ඝාතනය ව ඇතැයි එම සෞඛ්‍ය බලධාරීහු පවසති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli fire kills four Palestinians in Gaza, medics say







