ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර නවතාලමින්, යුද්ධය අවසන් කිරීමේ, අදියර දෙකකින් යුත් නවතම සාම සැලැස්මක් පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කෙරේ.
ඉස්ලාමාබාද් ගිවිසුම ලෙස නම් කර ඇති එය, ඉරානය සහ එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව, අද (5) දිනය තුළ ඊට එකඟතා පල කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම පුවත් සේවය කියයි.
එම එකඟතා ප්‍රකාරව සියලු එදිරිවාදිකම් නවතා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කිරීමට යෝජනා කෙරේ. අනතුරුව තවත් දින 15ත් - 20ත් ඇතුළත අවසන් ගිවිසුමකට මග විවර කිරීමට නියමිතය.
හෙට (7) දින සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකෙරේ නම්, ටෙහෙරානයට 'මුරුගසන් වර්ෂා' පතිත කර, මිහිපිට අපාය පෙන්වන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය. එහෙත්, තාවකාලික සටන් විරාමයක පිහිටා එය කිසිසේත් විවෘත නොකරන බව ඉරානය පැවසීය.
ඊයේ (5) රාත්‍රිය පුරාවට පාකිස්ථාන හමුදා ප්‍රධානී, ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මෙම නවතම යෝජනාවලිය පිලිබඳ ඉමහත් වෑයමින් කටයුතු කළේය. ඒ අනුව, ඔහු එක්සත් ජනපද උප ජනපති ජේ ඩී වෑන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛිචි සමග සම්බන්ධීකරණ සාකච්ඡා පැවැත්වීය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US and Iran receive peace proposal as Trump vows 'hell' if Strait stays shut







