leader s

කුවේට් රාජ්‍යයේ, බුබියාන් දිවයිනේ ස්ථාන ගත කර සිටින එක්සත් ජනපද බල ඇණි වෙත ඉරානය අද (6)  ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.


එහි වූ චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සහ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කෙරිණි. ඩ්‍රෝන යානා මගින් මෙම   ප්‍රහාර එල්ල කර තිබේ.

මීට පෙර දිගින් දිගටම එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ අරිෆ්ජාන් කඳවුරේ ස්ථාපිත එක්සත් ජනපද හමුදා බුබියාන් හි ස්ථානගත කිරීමට පියවර ගැනිණි. බුබියාන් යනු කුවේට් රාජ්‍යයේ පිහිටි වෙරළබඩ දිවයින් සමූහයට අයත් විශාතම දිවයින වේ.

උතුරු කුවේටය වෙත එල්ල කෙරුණු එම ඉරාන ප්‍රහාරයත් සමග එහි නේවාසික කලාපයකට ඇද වැටුණු  සුන්බුන් හේතුවෙන් සිවිල් වැසියන් සය දෙනකු තුවාළ ලැබීය.

 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්