බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වර්ජනයක් අරඹති. අද (7) සිට ඉදිරි සය දින පුරා එම වර්ජනය ක්‍රියාත්මකය.
වැටුප් සහ කාර්ය මණ්ඩල ගැටළු මත එම වර්ජනය සිදු කෙරේ.
පාස්කු නිවාඩු කාලය තුළ ක්‍රියාත්මක එම වර්ජනය මෙම මස 13 උදෑසන අවසන් කිරීමට නියමිතය.
එකඟතා පිණිස අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් විසින් ලබා දුන් කාලය ද නිෂ්ඵල විය. මේ සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අමතර විශේෂිත පුහුණු තනතුරු 1000ක් පිණිස මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට ගත් තීරණය ද අවලංගු කෙරිණි.
රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම වැරදි සහ අන්තරයාකර තීරණයක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය, නේවාසික වෛද්‍යවරු 55,000ක ගෙන් පමණ යුක්ත වේ. පූර්වයෙහි ඔවුන් කණිෂ්ඨ වෛද්‍යවරුන් ලෙස හැඳින්විණි. සමස්ත බ්‍රිතාන්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් හරි අඩක් පමණ ඔවුන්ගෙන් සමන්විත ය.
උද්ධමනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වැටුප් ගැටළු මතුව පවතී.
යෝජිත 3.5%ක වැටුප් වර්ධනය ඊට සහනයක් පිණිස ඉදිරපත් කළ බවත්, තෙවසරක් තුළ වෛද්‍ය වැටුප් 35%කින් වැඩි කිරීම අරමුණ වූ බවත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ පැවසීය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
Doctors in England begin six-day strike after rejecting government's pay, workforce deal







