ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.
ඉරානය "අපගේ කොන්දේසි පිළි නොගැනීමට" තෝරා ගත් බව වැන්ස් පවසන අතර, න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමට ටෙහෙරානයෙන් "මූලික කැපවීමක්" එක්සත් ජනපදයට දැකිය යුතු බව පැවසීය.
සාම සාකච්ඡාවලින් අනතුරුව පාකිස්තානයෙන් පිටවීමට පෙර ඔහු ඒ බව පැවැසීය
සාකච්ඡා "දැඩි" බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය, "අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්" වලින් වළකින ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පැවසුවේ, ගිවිසුමකට එළඹීම හෝ නොකිරීම තමාට "වෙනසක් නොවන" බවත් "කුමක් සිදු වුවද, අපි දිනමු" යනුවෙනි.
සාකච්ඡා කෙසේ අවසන් වුවද, ඉරානයට එරෙහි යුද්ධය වොෂින්ටනය ජයග්‍රහණය කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
තම නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවට එක්සත් ජනපදය කරන ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කරන අතර හමුදා යාත්‍රා ජල මාර්ගය හරහා ගමන් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට “දැඩි ප්‍රතිචාරයක්” ලැබෙනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි.
මේ අතර ඊශ්‍රායලය දකුණු ලෙබනනයට දිගටම ප්‍රහාර එල්ල කරන අතර, ටෙෆාටා නගරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනකු මිය ගොස් තිබේ.
| ankadeepa







