හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යාත්‍රාවක් ළඟාවීම යනු සටන් විරාම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.
ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම හමුදාව අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ නමුත් මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත් එම බළකාය වැඩිදුරටත් පවසයි.
ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකය.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රීමට ට්‍රම්ප් නියෝග කරයි
ජනාධිපතිවරයා සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශය කරනු ලැබුවේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වීමත් සමගය.

“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.
මුලාශ්‍ර
Middle East crisis live: Iranian negotiator says ‘we will not bow to any threats’ as Trump says US navy will blockade strait of Hormuz
US military says blockade of Iran's ports to begin Monday, after Tehran says it will not 'surrender'







