leader s

ඕස්ට්‍රේලියාව  ඉතිහාසයේ ප්‍රථම  වරට කාන්තාවක් එරට  හමුදාපති ධුරයට පත්කරන බව රජය අද (13)  නිවේදනය කළේය.

ඒ අනුව, වත්මන් ඒකාබද්ධ ක්‍රියාන්විත ප්‍රධානී, ලුතිනන් ජනරාල් සූසන් කොයිල් ලබන ජුලි මස සිට වසර 125ක ඉතිහාසයක් සහිත එරට  යුධ හමුදාවේ ප්‍රථම  හමුදා පතිනිය ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

 

ausi1

එරට ආරක්ෂක හමුදා නායකත්ව ප්‍රතිසංස්කරණ  වැඩ පිළිවෙළ යටතේ එය සිදු කර තිබේ. කාන්තාවන්, උසස්  හමුදා තනතුරු පිණිස පත් කිරීමේ නව වැඩසටහනක් එරට ක්‍රියාත්මක ය. ඊට ප්‍රති පක්ෂව විරෝධතා ද මතුව තිබේ. හමුදා සේවයේදී කාන්තාවන්ට එල්ල වන ලිංගික අඩන්තේට්ටම් සහ වෙනත් වධ හිංසා ඊට හේතුවයි. එම අකටයුතු මර්ධනයට ද, එරට හමුදා පරිපානය නව නීති හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී.

කොයිල් ගේ මෙම නව පත්වීම අතිශය එෛතිහාසික අවස්ථාවක් බව එරට ආරක්ෂක අමාත්‍ය, රිචර්ඩ් මාර්ල්ස් පවසයි.

තමා තුළ වෙසෙන තමා අදහන කෙනා බවට පත් වීමට ඇය ගත්  උත්සාහය ජය ගැනීම ඇගේ පමණක් නොව,  ඔස්ට්‍රේලියානු හමුදාවේ සේවය කරන වත්මන් කාන්තා බලකායේ මෙන්ම, එහි සේවය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන  අනාගත  කාන්තා පරපුරේද ජයග්‍රහණයක් බව ඔහු කියා සිටී.

 

ausi 2
මේ වන විට 55වන වියෙහි පසුවන කොයිල් 1987 දී එරට හමුදා සේවයට එක් විය.  ඇය විසින් එහි ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත.

වත්මන, එරට යුධ හමුදාවේ කාන්තා නියෝජනය 21% කි. ඉන් 18.5%ක් ජ්‍යෙෂ්ඨ  හමුදා නිලයන් හොබවති.  2030 වන විට එහි කාන්තා නියෝජනය 25% තෙක්  වර්ධනය කිරීම අපේක්ෂාවය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.13

මුලාශ්‍රය :

Australia appoints woman to lead its army for the first time

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්