leader s

අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කර දෙන ලෙස උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා තුර්කියට නියෝගය කර තිබේ..


ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා උගන්ඩාවේ හමුදා ප්‍රධානියා මෙන්ම එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත්‍රයාය.

6uuw6

සිය ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවද එසේ නොකළහොත් තුර්කිය සමඟ පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවද ඔහු පවසා ඇත.

සෝමාලියාවේ ආරක්ෂාව වෙනුවෙන් උගන්ඩා හමුදාව කළ මෙහෙවර තුර්කිය විසින් නිසි ලෙස ඇගයීමට ලක් කර නොමැති බව උගන්ඩා හමුදා ප්‍රධානියා කියා සිටියි.

ve5u5beeh
අමෙරිකානු ඩොලර් බිලියනයක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කරදෙන ලෙස තමන් ඉල්ලා සිටින්නේ ඊට වන්දියක් ලෙස බවද ඔහු පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ උගන්ඩා හමුදා ප්‍රධානියා මෙවැනි විකාරරූපී ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට පෙර ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි විවාහ කර ගැනීම සඳහා එළදෙනුන් සියයක් ලබාදීමට සූදානම් බවටද ඔහු ප්‍රකාශ කර තිබිණ.

කෙසේවෙතත් උගන්ඩ හා හමුදා ප්‍රධානියාගේ කොන්දේසි සම්බන්ධයෙන් තුර්කි රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එසේ තිබියදී ඇතැමුන් පවසන්නේ මෙය උගන්ඩා හමුදා ප්‍රධානියා විසින් සරදමට කළ ප්‍රකාශයක් විය හැකි බවයි.

| nethnews

සබැඳි පුවත් :

'Give $1 Billion, Most Beautiful Woman As Wife': Uganda Army Chief To Turkey

Most beautiful bride, $1 bn: Uganda army chief's bizarre demand from Turkey


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්