leader s

ලක්වාසී සැමට සුභ අළුත් අවුරුද්දක් උදා වන අද (14), එක්සත් ජනපද හමුදා, ටෙහෙරානය තව දුරටත් ප්‍රකෝප කරමින් ඉරාන වරාය වෙත සම්බාධක පැනවීම ආරම්භ කළහ.

ඒ අනුව, කිසිදු රටකට අයත් නෞකාවකට ඉරාන වරාය වෙත ප්‍රවේශය සහ ඉන් පිට වීම ද, ඉරාන මුහුදු තීරයේ රැඳී සිටීම ද තහනම් ය. අරාබි ගල්ෆ් තීරයේ සහ ඕමාන ගල්ෆ් තීරයේ පිහිටි ඉරාන වරාය තෙක් එම සම්බාධක බලාත්මකය.

45y45bnyrt

කලාපයේ ඉරාන නොවන වරායයන් හා ගණුදෙනුකරන සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කෙරෙන නෞකාවන්ට මෙම සම්බාධක අදාල නොවේ.

නවතම එක්සත් ජනපද පීඩනය හමුවේ මීලඟ සාකච්ඡා වටය පිණිස 'දොර ඇර' ඇතැයි ඉරානය ප්‍රකාශ කළේය.

ඒ හමුවේ ජාත්‍යන්තර වෙළඳපොළ බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 සීමාවෙන්ද පහත වැටිණි.

ගැටුම තිරසරව විසිඳීමේ ප්‍රයත්නය අඛන්ඩව ක්‍රියාත්මක  බව, පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් ද පැවසීය.

ඉරානය ඊයේ (13) ම, තීරණාත්මක කතා බහට අවතීර්ණ වීමේ අභිලාශ දැක්වූ බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. එහෙත් එහිදී එළැඹෙන කිසිදු එකඟතාවකින්, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට කිසිසේත් අවසර නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.

 

Doc P 924483 639117371761712785

පෙබරවාරි 28 ඉරානයට එක්සත් ජනපද - ඊශ්‍රායල  ප්‍රහාර අආරම්භ වීමත් සමග ටෙහෙරානය හෝර්මුස් සමු සන්ධිය  වසා දැමීය. එහි නිදහස් යාත්‍රා කරණයට අවසර හිමි වූයේ ඉරාන නෞකාවන්ට පමණි. අන් සියලු නෞකා ඒ හරහා ගමනාගමනයට  ඉරාන හමුදා වෙතින්  පූර්ව අවසර ලබා ගත යුතු බවත්, ගාස්තු ගෙවිය යුතු බවත් දන්වා සිටියේය.

ඉරාන නෞකා ඇතුළු යටකී පරිදි ගාස්තු ගෙවන අන් සියලු නෞකා වෙත ද සම්බාධක පනවන බවත්, එක්සත් ජනපද  සම්බාධක බලැණි ඉදිරියට එන ඕනෑම ඉරාන ප්‍රහාරක යාත්‍රාවක් විනාශ කර දමන බවත් ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ  කර තිබේ.

අද, චීනයට අයත් ඉන්දන සහ රසායන ප්‍රවාහන නෞකාවක් වන 'රිච් ස්ටාරි' නෞකාව ආරක්ෂිතව හෝර්මුස් සන්ධිය පසු කළේය. නවතම එක්සත් ජනපද සම්බාධක වලින් අනතුරුව ඒ ඔස්සේ යාත්‍රා කළ ප්‍රථම නෞකාව එය විය. එය, ඩුබායි තීරයට ඔබ්බෙහි සිට චීනය බලා යාත්‍රා කරමින් සිටී.

 

2026 04 14T042654Z 1 LYNXMPEM3D06F RTROPTP 4 IRAN CRISIS ISRAEL LEBANON
සටන් විරාම සාකච්ඡා ආරම්භය හමුවේ මේ වන විට ඉරාන යුද්ධය තාවකාලික ඉසුඹුවක පසුවේ.

එහෙත්, ඊශ්‍රායල හමුදා තව දුරටත් ලෙබනනයේ ප්‍රහාර එල්ල කරමින් සිටිති. ඊයේ ද එම හමුදා දකණු ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන්හ. වත්මන් සටන් විරාමයට ලෙබනනය අදාල නැතැයි ඊශ්‍රායලය  කියයි.


 (සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.14

මුලාශ්‍රය :

US begins Iran port blockade, oil prices ease on hopes for dialogue

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්