leader s

සෙනසුරාදා (25) පැවති  ධවල මන්දිර මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයේ වෙඩි ප්‍රහාරකයා පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.


වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවති එම උත්කර්ශවත් අවස්ථාවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ බිරිඳ මෙලනියා සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු කැබිනට් ලේකම්වරු රැසක් ද සහභාගී වී සිටියහ.

හෝටලයේ බාල් ශාලාවෙන් පිටත බුද්ධි සේවා ඒජන්තවරයකු වෙත වෙඩි ප්‍රහාර එල්ල කෙරෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂකයින් විසින් ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනිණි. ජනපති ඇතුළු ප්‍රභූ පිරිස එම ස්ථානයෙන් සැණින්  ඉවත් කිරීමට ද ආරක්ෂක සේවා  නිලධාරීහු කටයුතු කළහ.

 

chole 1

එම ප්‍රහාරකයා 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් (Cole Tomas Allen) නම් අයකු බව මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු ලොස් ඇන්ජලීස් අවට පදිංචි අයෙකි. සමාජ මධ්‍යයේ ඔහු කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ උපාධිධරයකු, අර්ධ කාලීන ගුරුවෘත්තිකයකු හා පරිගණක ක්‍රීඩා නිර්මාතෘ වරයකු ලෙස දක්වා ඇත. ඔහු, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලීස් යාබද, සැන්ටා මොනිකා බේ ආසන්නයේ, සවුත් බේ කොටසේ පිහිටි ටොරන්ස් හි පදිංචිකරුවෙකි.

chlou

 

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඔහු, එම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙමින් තිබි, වොෂින්ටන් හිල්ටන් හෝටලයේ අමුත්තකු ලෙස පැමිණ සිටි බවට සැක කෙරේ.

සී2 එඩියුකේෂන් (C2 Education) හි ටොරන්ස් කාර්යාලය විසින් ඔහු 2024 දෙසැම්බරයේ,  "මාසයේ හොඳම ගුරුවරයා" ලෙස නම් කර තිබූ බවද සමාධ්‍ය මාධ්‍යයේ  දක්වා තිබේ. එම ආයතනය එක්සත් ජනපදය පුරා පාසල් සිසු සිසුවියන් හට ව්භාගයන්ට සූදානම් වීම පිණිස පුද්ගලික උපකාරක සේවා සම්පාදනය කරන අධ්‍යාපන  ආයතනයකි.

ඔහුගේ නමින් ඇති ලින්ක්ඩ් ඉන් සමාජ ජාලයේ, ඔහු උපාධිධාරී පරිගණක විද්‍යාඥයකු සහ යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස දක්වා තිබේ. ඔහු අත්දැකීම් බහුල පරිගණක ක්‍රීඩා නිර්මාතෘවරයකු සහ ගුරුවරයකු බව ද එහි සඳහන් ය.

එම සමාජ ජාල තොරතුරු ප්‍රකාරව, ඔහු කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ 2017 වසරේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරියෙකි. එමෙන්ම, 2025 වසරේ, ඩොමින්ගස් හිල්ස් හි කැලිෆෝර්නියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ  පරිගණක විද්‍යා ශාස්ත්‍රපති උපාධි ලද්දෙකි.

 

chloew
හෙතෙම පසු ගිය වසර කිහිපයේම  ඉහත අධ්‍යාපන ආයතනයේ අර්ධ කාලීන ගුරුවරයකු මෙන්ම, පරිගණක ක්‍රීඩා නිර්මාතෘ වරයකු ලෙස ස්වයං රැකියාවේ නියුතු වූවකු බව ද ඔහු පිලිබඳ සමාජ මධ්‍යයේ සඳහන් ය.

කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ ගුරු සහායකයකු ලෙසද කලක් කටයුතු කර ඇති මොහු, ඊට පෙර, වසරක කාලයක් සවුත් පැසඩෙනා හි අයි.ජේ.කේ. කන්ට්‍රෝල්ස් නම් සමාගමක යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස සේවය කර ඇති බව ද අනාවරණය වී ඇත. 2016 වසරේ කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ ඔහුගේ කණ්ඩායම රොබෝ තාක්ෂණ තරගයකින් ජය ගත් බවට පළවූ පුවත්පත් ලිපියක්ද හමුවී තිබේ.

ප්‍රහාරකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පිස්තෝලයක් ඇතුළු ගිනි අවි සහ පිහි කිහිපයකින් සන්නද්ධව සිටි බව ද වාර්තා වේ.

(සටහන |Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


Who is Cole Tomas Allen, the suspect in the White House Correspondents' Dinner shooting?

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්