leader s

අකුණු සැර වැදීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 14දෙනකුවත් ජීවිතක්ෂයට පත්වී තිබේ. මේ වන විට,  එරට දැඩි අකුණු සහිත දරුණු සුළි කුණාටුවකට ලක් ව පවතී.

ප්‍රදේශ රැසකින් හදිසි කුණාටු සහ ධාරානිපාත වැසි වාර්තා වේ. ඒ සමග දරුණු අකුණු පිපිරීම් සිදු විය.

අකුණු සැර වැදී මිය ගිය බහුතරය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටි ගොවීන් ය. ඉන් තුවාළ ලත් තවත් පිරිස් අසල රෝහල් කරා රැගෙන යාමට කටයුතු කෙරිණි. එම ඇතැම් රෝගීන්ගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.
 
deccanherald 2026 04 27 gfoij608 file85lgt8nm1bp1gx2t9msm
අකුණු සැර හේතුවෙන් වාර්ෂි ව එරට පුද්ගල මරණ රැසක් වාර්තා වේ. 2016 වසරේ මැයි මස පමණක් එම අනතුරු වලින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එවර, එක් දිනක් තුළ වාර්තා ගත වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව 82ක් විය. අනතුරුව, අකුණු සැර, බංග්ලාදේශයේ ස්වභාවික විපත් තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
එරට සීග්‍රයෙන් ව්‍යාප්ත වන විනාශය අකුණු  විපත් වර්ධනයට මූලික හේතුවක් බව පරිසර විශේෂඥයෝ පෙන්වා දෙති. අකුණු සැරින් මිනිස් ජීවිත වාසස්ථාන සහ එම පරිශ්‍රයන් ආරක්ෂා කරන  උස් වෘක්ෂ, වනාන්තර එළි කිරීමත් සමග වැනසී යාම ඊට හේතුවයි.

අප්‍රේල් සහ ජුනි මස අතර පූර්ව මෝසම් කාලය එරට අකුණු විපත් බහුලව වාර්තා වන සමයයි. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළ යාමෙන් අස්ථාවර කාලගුණ තත්ත්වයන් හට ගැනීම හේතු කොට දරුණු අකුණු හටගැනීම්  වර්ධන ය  වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්