leader s

ඉන්දුනීසියාවේ ඊයේ (27) දරුණු දුම්රිය අනතුරක් සිදු විය.  


එරට ජකර්තා අගනුවර ආසන්නයේ සිදුවූ එම අනතුරින් මේ වන විට මගීන් 14 දෙනකු මියගොස් තවත් 84කට අධික පිරිසකට තුවාළ සිදුව ඇතැයි සඳහන් ය. දුම්රිය සුන්බුන් අතර සිරව  සිටින මගී ජීවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් තවමත්  දැඩි පරිශ්‍රමයක් ගන්නා  බව එරට මාධ්‍ය අද (28) වාර්තා කළේය.

ඉන්දුනීසියාවේ අගනුවර තදාසන්න බෙකාසි හි දිගු දුර ගමනාන්ත දුම්රියක් සහ තවත් මගී දුම්රියක් එකිනෙක ගැටීමෙන් ඊයේ පස්වරුවේ එම අනතුර සිදු විය. හානියට පත් දුම්රිය මැදිරි තුළ තවදුරටත් සිරව සිටින මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් ඉතා අසීරු කාර්යයක්ව ඇතැයි ඒ පිලිබඳ අද පැවති විශේෂ මාධ්‍ය දැනුම්දීමකට එක් වූ එරට සෝදිසි සහ මුදා ගැනීම් ඒජන්සි ප්‍රධානී මොහම්මඩ් ස්යාෆිල් කියා සිටියේය.



එම මෙහෙයුම් පිණිස ඒ පිලිබඳ විශේෂ දැනුමැති ප්‍රවීනයින්ගේ සහාය කඩිනමින් අවශ්‍යව ඇතැයි ඔහු කීය. එම මාධ්‍ය හමුව පැවැත්වෙන මොහොතේ ද දුම්රිය සුන්බුන් අතර තවදුරටත් සිරවී සිටින මගී ජීවිත  මුදා ගැනීමට කටයුතු කෙරෙමින් ඇතැයි ද ඔහු දැන්වීය.

සහන සේවකයෝ, කාර්මික කැපුම් යන්ත්‍ර භාවිතයෙන් දුම්රිය මැදිරි කපා ඉවත් කරමින් එහි සිරව සිටීම මගී ජීවිත බේරා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටිති.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Indonesia train crash toll rises to 14 as rescuers work to remove trapped passengers

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්