ඉරාන යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක තෙල් නිෂ්පාදක බලවතුන්ගේ කණ්ඩායම වන ඔපෙක් (OPEC) සංවිධානයෙන් මැයි මස 01 දා සිට ඉවත් වන බව ඊයේ (28), එම රාජ්‍යය නිවේදනය කළේය.
ඔපෙක් සමූහයේ දැවැන්තතම නිෂ්පාදකයකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන් ඉවත් වීමත් සමග එම සංවිධානය අතිශය දුර්වල තත්ත්වයකට පත්වනු ඇත. උපායශීලී ක්‍රමෝපායයක් ලෙස එම පියවර ගත් බව එම රාජ්‍යය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමත් සමග ගෝලීය ඉන්ධන සැපයුම පිලිබඳ ඔපෙක් සංවිධානය සතුව මෙතෙක් පැවති ඒකාධිකාරී පාලනය බිඳ වටේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ගෝලීය තෙල් අපනයනකරුවන්ගේ එම සමූහයට නායකත්වය දෙන සෞදි අරාබිය අතර අර්බුදය ද ඉන් තව දුරටත් වර්ධනය වනු ඇත.
ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ මොහොතේ ඉතා වාසි සහගත ය. දැන්, එම රාජ්‍යයට ඔපෙක් සංවිධානයේ සීමිත කෝටා ක්‍රමයෙන් මිදී, ගල්ෆ් කලාපය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු සිය ඉන්ධන අපනයන සීග්‍රයෙන් සහ සීමා රහිතව වර්ධනය කිරීමේ අවස්ථාව උදා වී තිබේ. උපායශීලී ඉන්ධන ප්‍රතිපත්තිය යටතේ නව තීරණයට එළැඹි බව එරට බලශක්ති අමාත්‍ය, සුහායිර් මෝහමෙඩ් අල්-මස්රු පැවසීය. එය, සිය තෙල් නිෂ්පාදන ශක්‍යතා පිලිබඳ වත්මන් සහ අනාගත තත්ත්වයන් අවධානයට නතු කිරීමෙන් අනතුරුව ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව හෙතෙම පැවසීය.
ඉදිරියේ, වැඩි වන ගෝලීය ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
ඊයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් සහ එට සහාය දෙන සන්ධාන නිෂ්පාදකයින් ඇතුළත් ඔපෙක් ප්ලස් (OPEC+) වෙතින් ඉවත් වීමේ තීරණය නිවේදනය කිරීමත් සමග ගෝලීය ඉන්ධන මිල විචල්‍යයන්ට බඳුන් විය.
ඊයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් සහ එට සහාය දෙන සන්ධාන නිෂ්පාදකයින් ඇතුළත් ඔපෙක් ප්ලස් (OPEC+) වෙතින් ඉවත් වීමේ තීරණය නිවේදනය කිරීමත් සමග ගෝලීය ඉන්ධන මිල විචල්‍යයන්ට බඳුන් විය.
ඉරාන යුද්ධය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදකයින් දැඩි අපහසුතාවකට පත් විය. ගල්ෆ් ඉන්ධන සැපයුම් බාධා වීමත් සමග ඔපෙක් ප්ලස් ගෝලීය ඉන්ධන නිකුතුව ඉකුත් පෙබරවාරි මස පැවති 48% සිට මාර්තු මස 44%ක් තෙක් පහත වැටිණි. මෙම මස එම ප්‍රතිශතය තව දුරටත් පහත වැටෙමින් පවතී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානය වෙතින් ඉවත් වීමත් සමග මැයි මස අග වන විට එම තත්ත්වය තව දුරටත් පිරිහෙනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීම එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලද ජයග්‍රහණයකි. ගෝලීය ඉන්ධන උද්ධමනය සම්බන්ධයෙන් 2018 වසරේ එක්සත් ජනපද මහා මණ්ඩල සැසිවාරයේදී ඔහු ඔපෙක් සංවිධානයට සෘජුව ම දෝශාරෝපනය කළේය.
කලාපයේ භූ දේශපාලන ගැටුම් අවසන් වීමෙන් පසු ස්වාධීන ඉන්ධන අපනයනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැන් නව මාවතක් ඉදිව ඇත. එය පාරිභෝගිකයින්ට සේම පුළුල් ආර්ථිකයට ද වාසි සහගත තත්වයකි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







