leader s

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.


ප්‍රතිඵල වාර්තා අනුව 'තමිලග වෙට්‍රි කලගම්' පක්ෂය නියෝජනය කළ ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණ ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ඔහුගේ පක්ෂය විසින් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 102ක් දිනා පෙරමුණට පත්ව ඇත.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සන්ධාන ගතව ඇති ADMK සන්ධානයයි.  ඔවුන් ආසන 75ක් මේ වන විට දිනාගෙන තිබේ.

කෙසේ නමුත් මින් පෙර බලයේ සිටි එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානයට මෙවර ලබා ගැනීමට හැකිව ඇත්තේ කොට්ඨාස 52ක ජයක් පමණි.

ඒ අනුව පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමෙන් කොට්ඨාස 107ක් දිනා ගනිමින් සුපිරි නළු විජේ පෙරමුණ ගෙන තිබේ.

 

in tamil nadu its a triangular battle among mk stalins dmk vijays tvk and edappadi palaniswami 230129126 16x9 0

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීමට එක් කණ්ඩායමක් අවම වශයෙන් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතුව තිබේ.

අවසන් වරට පැවැති තමිල්නාඩු මැතිවරණයේදී DMK සන්ධානය ආසන 159ක් දිනාගත් අතර එහිදී ADMK සන්ධානයට හිමිවූයේ ආසන 75ක් පමණි.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරයටද බලපාන අතර ඊට හේතුව වි ඇත්තේ තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තය වීමයි.


මෙම තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධව තීරණාත්මක සාධයක් ද වී තිබේ.

| aruna
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්