leader s

එක්සත් ජනපදය සහ ඉරානය ඊයේ (4) ගල්ෆ් කලාපයේ නවතම ප්‍රහාර මාලාවක් ආරම්භ කළේය.


හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරාන පාලනයෙන් මුදවා ගැනීම පිණිස ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දියත් කළ මෙහෙයුම,  'නිදහසේ ව්‍යාපෘතිය' (Project Freedom) ලෙස නම් කර තිබේ.  නව ප්‍රහාර හමුවේ දෙරට අතර සටන් විරාමය වියැකී ගියේය.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිරවූ ඉන්දන නෞකා සහ වෙනත් විදෙස් නෞකා මුදා ගැනීම පිණිස ජනපති ට්‍රම්ප් සන්නද්ධ ක්‍රියාන්විතයක් දියත් කිරීමෙන් අනතුරුව ඉරානය ගල්ෆ් කලාපය වෙත පහර දීම ආරම්භ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා ඉන්දන නිෂ්පාදන කලාපය වෙත ඉරානය එල්ල කළ  ඩ්‍රෝන  ප්‍රහාර හේතුවෙන් දැවැන්ත ගින්නක් හට ගත්තේය. ආරක්ෂක අංශ, එය මැඩපැවැත්වීමට  වහා පියවර ගත්හ. මේ අතර,  සිය  මුහුදු සීමාවට ඉහළින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කිරීමට  පියවර ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේය. එම ප්‍රහාර හමුවේ, ඩුබායි සහ සාජා වෙත ගුවන් ගමන් ප්‍රමාද විය. ගුවන් යානා අන් මගින් හරවා යැවීමට ද කටයුතු කෙරිණි.

45y544by

 

ඊයේ දිනය අවසන් වන විට, ගල්ෆ් කලාපයේ වූ වෙළඳ නෞකා කිහිපයක පිපිරීම් වාර්තා වූ අතර පසුව ඒවා ගිනි ගෙන දැවෙමින් පැවතිණ. ඉරානයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා හයක් පහර දී විනාශ කළ බව එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය සතු තීරණාත්මක නාවුක හමුදා කඳවුරක් පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දන වරායක් ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ගින්නෙන් දැවී ගියේය.

ජනපති ට්‍රම්ප්, මෙතෙක්, සිය නව මෙහෙයුම පිලිබඳ පුළුල් තතු දැක්වීමක් සිදු කර නැත. එය, හමුදාමය සම්බන්ධීකරණය ඔස්සේ සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් බව පමණක්, ට්‍රම්ප් පරිපාලනය විසින් දන්වා ඇත. මුක්තියේ අභිමතය පරිදි යුද්ධය පවත්වාගෙන යාමට එක්සත් ජනපද ජනපති සතු බලය නෛතිකව කල් ඉකුත් වී, කොන්ග්‍රස් අනුමැතිය අවශ්‍ය වූ  තැන, යුද්ධය අවසන් බව ඔහු දන්වා සිටියේය. කල් ඉකුත්වීමේ සීමා අදාළ නොවන බවද ඔහු කීය. ඒ සම්බන්ධයෙන් කොන්ග්‍රසය තුළ විවාදිත තත්ත්වයක් මතුව පවතී.

නව ප්‍රහාර හමුවේ, ගල්ෆ් කලාපය ඔස්සේ නෞකා රක්ෂණ අධිභාර 'අහසට උසට නැග  ගියේය.'  එක්සත් ජනපද හමුදා විසින් ඉරානයට පනවා ඇති සමුද්‍රීය තහනම තව දුරටත් ක්‍රියාත්මක ය. එය යුද ප්‍රකාශ කිරීමක් බව ඉරානය කියයි.

 

thumbs b c 2e9587025abc75b3f66eea0d9c99a343
ඊයේ සිදුවීම්, ගැටලුවට කිසිදු සන්නද්ධ විසඳුමක් නැති බවට උදාහරණ බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි ප්‍රකාශ කළේය. පාකිස්ථාන මැදිහත්වීමෙන්,  ඉරාන - එක්සත් ජනපද සාම සාකච්ඡා ඉදිරියට යන බව ද ඔහු සඳහන් කළේය. එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියා කලාපය  සතුරු  කඳවුර  විසින් ඇති කළ ගැටළුමය අසීරු තත්ත්වයක් බව ඔහු කියා සිටියේය.

ජනපති  ට්‍රම්ප් ගේ 'නිදහසේ ව්‍යාපෘතිය', 'අතරමං  ව්‍යාපෘතියක්' බව ඔහු සමාජ මධ්‍යයේ සඳහන් කළේය.  

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ගල්ෆ් නෞකා  වෙත ඉරාන ප්‍රහාර දැඩි වීමත් සමග තෙල් මිල 6%කින් ඉහළ ගියේය. බ්‍රෙන්ට් බොර තෙල් තෙල් බැරලයක නව මිල ඇමෙරිකානු ඩොලර් 114.44ක් සහ එක්සත් ජනපද ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 106.42ක් ලෙස සටහන් විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US and Iran launch new attacks as they wrestle for control of Gulf waters

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්