leader s

චීන විදේශ ඇමති වං යී ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi  හමු වුණා. ඒ අද (6) බෙයිජිං හිදී.


ඉරාන විදේශ ඇමතිවරයා එහිදී ඉරාන-ඇමරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය හා ඉරාන ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වයට පැහැදිලි කළා. 

 
සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටිනවා. එම යුද ගැටුම නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ගැටුම නිරාකරණය වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්,  ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කර තිබෙනවා. 
 
චීනය ඉරානයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කරුවෙක්. එමෙන්ම ඉරානය එකම චීනය ප්‍රතිපත්තිය සැමවිටම අනුගමනය කරනවා. මේ වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද Seyed Abbas Araghchi වැඩිදුරටත් සඳහන් කළා.

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවයි. ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසුවා. 
 
ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමේ තීරකයා විය යුතු බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා. ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරනවා. එසේ ම ඉරානය සමග ‍දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමති බව ද වං යී විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්