leader s

එක්සත් ජනපදය සහ ඉරානය අතර ඊයේ (7) යළි ප්‍රහාර හුවමාරු විය.

නොබෝදා ඉරාන  ප්‍රහාර වෙත පිළිතුරු ලෙස එම ප්‍රති-ප්‍රහාර දැක්වූ බව එක්සත් ජනපදය දැන්වීය. තත්ත්වය සාමාන්‍ය අතට හැරී  ඇතැයි ඉරානය පවසයි. සටන් විරාමය තව දුරටත් ක්‍රියාත්මක බවත්, මේ මොහොතේ වැඩි දුර ගැටුමට නොයන බවත් එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර තිබේ.

වොෂින්ටනය විසින් ඉදිරිපත් කර ඇති නවතම සාම යෝජනාවලියට ටෙහෙරානයේ පිළිතුරු අපේක්ෂාවෙන් පසුවන මොහොතක එම නව ප්‍රහාර එල්ල විය.

Children play in the water along the shore as a mix of bulk carriers, cargo ships, and service vessels sit offshore in the Strait of Hormuz off Bandar Abbas, Iran, Sunday, April 26, 2026.(Razieh Poudat/ISNA via AP)

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත යාත්‍රා කරමින් පැවති  නෞකා දෙකක් එක්සත් ජනපද ඉලක්ක වූ බව ඉරානය ප්‍රකාශ කළේය; එම ප්‍රහාර ඉරාන කලාපය වෙත දැක්වූ සතුරු ප්‍රහාර සේ සලකන බව ද කියා සිටියේය. මීට පෙර ඉරාන ප්‍රහාර වෙත ප්‍රතිචාර වශයෙන් එම ප්‍රහාර එල්ල කළ  බව එක්සත් ජනපද හමුදා පැවසූහ.

"අද ඔවුන් අපි එක්ක  හැප්පෙන්න ආවා. අපි දීල ඇරියා," වොෂින්ටනයේ ලින්කන් අනුස්මරණ තටාකයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට පැමිණි ජනපති ට්‍රම්ප් කීය.

9615811
ඉරාන ඉන්ධන නෞකාවක් සහ තවත් යාත්‍රාවක්  ඉලක්ක කළ එක්සත් ජනපද ප්‍රහාරය, සටන් විරාම උල්ලංඝනයක් බව ඉරාන හමුදා විධානය පැවසීය. එම ප්‍රහාර ඛෙස්ම් (Qeshm) දිවයිනේ සහ හෝර්මුස් සිවිල් ඉලක්ක එල්ල කළ ප්‍රහාරයකැයි ඉරාන විප්ලවීය හමුදාව චෝදනා කළේය. අසල වෙරළ  තීරය වෙත ද එම ප්‍රහාර එල්ල වී තිබේ. ප්‍රතිචාර වශයෙන් අසල වූ  එක්සත් ජනපද සන්නද්ධ යාත්‍රා ඉලක්ක කර පහර දුන් බව එම හමුදා කීහ.

එක්සත් ජනපද සාම යෝජනාවලියට තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ඉරානය කියා සිටී. ඉරානය සතුව  කිසිදු  න්‍යෂ්ටික අවියක් නොපැවතිය  යුතු බව එක්සත් ජනපදයේ  ඒකායන මතයයි.

අද (8) පෙරවරුවේ ආසියානු වෙළඳපොළ එක්සත් ජනපද බොරතෙල් මිල 3%කින් ඉහළ ගියේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US and Iran exchange fire, but Trump says ceasefire still in effect

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්