චීන පෙරදිග ගුවන් සේවා සමූහයේ (China Eastern Airlines Group) හිටපු සභාපතිවරයකුට එරෙහිව අල්ලස් සහ මූල්‍ය අපරාධ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරේ. චීන රජයේ, දූෂණයට එරෙහිනවතම ක්‍රියාන්විතය යටතේ එම පියවර ගෙන තිබේ.
දූෂණ චෝදනා යටතේ, එරට හිටපු ආරක්ෂක ආමාත්‍යවරුන් දෙදෙනකු වන වේ ෆන්හේ සහ ලී ෂන්ග්ෆු ට ද දෙවසරක අත්තිටවූ යටත්ව මරණීය දණ්ඩනය නියම විය.
ලියෝ ෂාහව්යඞ්
චීන පෙරදිග ගුවන් සේවා සමූහයේ හිටපු සභාපති ලියෝ ෂාහව්යඞ් හට එල්ල වී ඇති චෝදනා අතර මිත්‍ර සංග්‍රහය මත තනතුරු සහ වරප්‍රසාද අවභාවිතය, මුදල් සහ වෙනත් වටිනා භාණ්ඩ අල්ලස් වශයෙන් ලබා ගැනීම ද වේ. ඉකුත් ජනවාරි මස ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැරිණි.
2012 වසරේ ෂී ජින්පිංග්, එරට නායකත්වයට පත්වීමෙන් අනතුරුව නිලධාරී තලයේ ඉහළ සිට පහළ තෙක් ආවරණය වන පරිදි මෙම දූෂණ විරෝධී ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. රාජ්‍ය මුදල් අවභාවිතය, බැංකු ණයකර, රාජ්‍ය සමාගම් සතු දේපළ සහ වත්කම්, යටිතල පහසුකම් වියදම් සහ දේශීය රාජ්‍ය සම්පත් පිලිබඳ එහි වැඩි අවධානය යොමු කෙරේ.
එරට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු සහ බෑන්ක් ඔෆ් කොමියුනිකේෂන් හි උප සභාපති වශයෙන් කටයුතු කළ, හෝ වේදොඞ් ද බරපතල විනය විරෝධී ක්‍රියා සහ නෛතික විෂමාචාර හේතුවෙන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ බව ඊයේ (7) නිවේදනය කෙරිණි.
අනීතික ලෙස භාණ්ඩ, මුදල් සහ පාරිභෝගික කාඩ් පත් තිලිණ වශයෙන් ලබා ගැනීම, සේවා ලාභීන් සහ කළමනාකරණයෙන් අධික ණය මුදල් ලබා ගැනීම මෙන්ම අන්‍යයින් වෙතින් වියදම් පියවා ගැනීම වැනි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.
එම සමාන හේතුන් මත, චීන මහජන දේශපාලන උපදේශක සමුළු ෂින්ජියඞ් උයිගුර් ස්වයං පාලන කලාප භාර හිටපු උප සභාපතිවරයකු වන, ජින් ෂිසෙන් ද පසුගිය දා පක්ෂයෙන් නෙරපා හැරුණු අතර වැඩ තහනමට ද ලක් කෙරිණි. එම සමුළුවටම අයත් අන්හුයි පළාත් කමිටුවේ හිටපු උප සභාපතිවරයකු වන, ජෝ ෂියන් ට ද අධිකරණය දෙවසරක අත්හිටවූ මරණ දඬුවම් පැනවීය. යුවාන් මිලියන 134ක හෙවත්, ඇමෙරිකානු ඩොලර් 20කට අධික මුදල් සහ වටිනා භාණ්ඩ අල්ලස් වශයෙන් ලබා ගැනීම ඔහුට එරෙහි චෝදනා වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Former China Eastern Airlines chairman indicted on bribery charges







