leader s

ඊයේ (9) හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවට කලාපය තරමක් සන්සුන් විය.


දෙමසක් පමණ පැරණි යුද ගැටුම් තිරසර ලෙස අවසන් කිරීම පිණිස, සාම සාකච්ඡා අරඹනු වස්, සිය නවතම යෝජනාවලියට ටෙහෙරානයේ 'කොල' එළිය ලැබෙන තෙක් වොෂින්ටනය නොඉවසිල්ලෙන් බලා සිටී.

සිකුරාදා (8), එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මාර්කෝ රුබියෝ පැවසුවේ, වොෂින්ටනය තවත් පැය කිහිපයකින් ටෙහෙරානයේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් පසුවන බවය. එහෙත්, සිතු දෙය සිදු නොවීය.

 

z1
ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුලිනුපුටා දැමීම ද එක්සත් ජනපද නවතම යෝජනාවලියේ ප්‍රධාන අපේක්ෂාවකි.

මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සාකච්ඡා

රුබියෝ ඊයේ, මියාමි හි දී, කටාර් අග්‍රාමාත්‍ය, මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි  (Mohammed bin Abdulrahman al‑Thani) හමු විය. තර්ජන මැඩ පවත්වා මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම එහි සිදු වූ සාකච්ඡා හි මුඛ්‍ය අරමුණ විය.

 

z2

කටාර් ධජය යටතේ පාකිස්ථානය බලා යාත්‍රා කරමින් තිබූ ගෑස් නෞකාවක් ඊයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත ලඟා විය. ඉරාන සාම කතා බහේ ප්‍රශස්ත මැදහත් පාර්ශ්ව ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යය සහ පාකිස්ථානය වෙත පවත්වන ලබැඳියාව හේතුවෙන්ම, එම නෞකාවට ඉරාන පාර්ශ්වයෙන් බාධාවක්  නොවීය.  නෞකාවට නිරුප්‍රදිතව හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට ඉරාන අවසරය හිමි විය. යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව කටාර් ධජය යටතේ හෝර්මුස්  තරණය කළ ප්‍රථම ගෑස් නෞකාව එයය.

ට්‍රම්ප් චීන සංචාරය අභිමුව ගත් තීරණය

එන සතියේ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරය කිරීමට නියමිතය. ඉරාන යුද්ධය හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ගෝලීය ඉන්දන මිල අභියස  ලෝක ආර්ථිකය බලවත් තර්ජනයට නතුව පවතින අවස්ථාවක ට්‍රම්ප්ගේ චීන සංචරය තීරණාත්මක ය.

මේ අතර, චීන සංචාරය අභිමුව, ජනපති ට්‍රම්ප් සිකුරාදා (8),  පුද්ලයින් සහ සමාගම් 10ක් වෙත නවතම එක්සත් ජනපද  සම්බාධක පැනවීය. චීනයේ සහ හොංග් කොංග් හි ව්‍යාපාර දැවැන්තයෝ කිහිප දෙනෙක් ද ඒ අතර වෙති. ඉරානයට ආයුධ සැපයීම සහ ප්‍රහාරක ඩ්‍රෝන නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලබාදීමේ චෝදනා මත එම සම්බාධක පැනවිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යළිත් සතුරු ප්‍රහාරයට

මේ සියල්ල අතරේ පෙරේදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යළිත් සතුරු ප්‍රහාරයට ලක්  විය. ඉරානය දෙසින් එල්ල වූ බැලස්ටික් මිසයිල දෙකක් සහ ඩ්‍රෝන ප්‍රහාර තුනක් සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කළ බව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියා සිටියේය.  

 
එදින හෝර්මුස් අවට ඉරාන සහ එක්සත් ජනපද හමුදා අතර ද දරුණු සටන් ඇති විය. එම කලාපයට පිවිසි එක්සත් ජනපද ප්‍රහාරක නෞකා, ඉරාන හමුදා හි ඉලක්කය විය. තත්ත්වය සමනය වුවද, 'අළු යට ගිනි' තවම නිවී නැත.
 
z3
ඉරාන වරායයක්  වෙත පිවිසීමට උත්සාහ කළ ඉරානයට සම්බන්ධ නෞකා දෙකකට එක්සත් ජනපද හමුදා ප්‍රහාර එල්ල කළහ. එම ගුවන් ප්‍රහාර මධ්‍යයේ, එම නෞකාවන්ට ආපසු හරවා යාමට සිදු විය. පසු ගිය මස ඉරාන වරාය සහ ඉරාන සමුද්‍රීය වෙළඳාම වෙත පැනවූ එක්සත් ජනපද තහනම තව දුරටත් ක්‍රියාත්මක ය. එහෙත් තවත් සිව් මසක්වත් ගතවන තෙක් ඉරානයට එහි බලපෑමක් නැතැයි, එක්සත් ජනපද බුද්ධි  වාර්තා පෙන්වාදෙයි.

ඉරාන ගැටුමේදී එක්සත් ජනපදයට ජාත්‍යන්තර සහාය අල්ප විය. ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි (Giorgia Meloni) හමු වූ රුබියෝ, හෝර්මුස් සන්ධිය යළි විවෘත කිරීමට ඉතාලිය සහාය නොදෙන්නේ  මන්දැයි විමසා සිටියේය. එහි පාලනය ඉරානය අතට පත් වුවහොත්, ජාත්‍යන්තරයට සිදු විය හැකි අනිසි විපත් ඔහු, මෙලනි ට  පෙන්වා දුන්නේය.

ඉරාන න්‍යෂ්ටික තහනමට යුරෝපය සහාය
z4
ස්ටොක්හෝම් හි සිට අදහස් දැක්වූ ජර්මානු චාන්සලර්, ෆ්‍රීඩ්‍රික් මර්ට්ස්   (Friedrich Merz), ඉරාන න්‍යෂ්ටික තහනමට යුරෝපය සහාය දෙන බව පැවසීය.  එම සාකච්ඡා හි පරස්පරතා ගැලපුම් පිණිස  වොෂින්ටනය   සමග කටයුතු කරමින් සිටින බව ඔහු කීය.
 
තත්ත්වය ස්ථාවර වීමෙන් අනතුරුව ජාත්‍යන්තර නෞකා ආරක්ෂිතව හෝර්මුස් සන්ධිය තරණය කිරීම පිලිබඳ බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර ද මේ වන විට සාකච්ඡා පැවැත්වේ.  බහු ජාතික සන්නද්ධ ක්‍රියාන්විතය ශක්තිමත්  කිරීම පිණිස මැද පෙරදිග කලාපය වෙත සිය යුද නෞකාවක් පිටත් කර හරින බව ද බ්‍රිතාන්‍යය ඊයේ දැනුම් දුන්නේය.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US, Iran no closer to ending war as Qatari tanker sails toward Strait of Hormuz

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්