leader s

දින ගණනක් තිස්සේ මාරාන්තික වෛරසයකට ලක්ව සිටින මගී නෞකාවක සිරව සිටින මගීන් මුදවා ගැනීම පිණිස අද (10) ස්පාඥ්ඥය ඉදිරිපත් විය.


ටෙනරීෆ් (Tenerife) දිවයින් ආසන්නයේ නැංගුරම් ලා ඇති එම නෞකාවේ මගීන් රැසක් දරුණු හැන්ටා-වෛරසයට (hantavirus) ගොදුරුව සිටිති. අද, එම නෞකාවට ගොඩ බට ස්පාඥ්ඥ සෞඛ්‍ය බලධාරීහු, මගීන් මුදා ගැනීම පිණිස අවසන් පරීක්ෂා ආරම්භ කළහ.

මුලින්ම, ස්පාඥ්ඥ මගීන් මුදා ගැනීමට කටයුතු කෙරේ. පස් දෙනා බැගින් වූ මගී කණ්ඩායම් කුඩා යාත්‍රා මගින් නෞකාවෙන් ඉවත් කර වෙරළ වෙත රැගෙන ඒමට කටයුතු කෙරේ. අනතුරුව බස් රථ මගින් ඔවුන් ආසන්නතම ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහනය කෙරේ.

 

hanta 1

වෛරසයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන මගීන්, ස්පාඥ්ඥ හමුදා ගුවන් යානයක් ඔස්සේ මැඩ්රිඩ් වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ඔවුන්ට සාමාන්‍ය ජනයා හා සබඳතා  ඇති කර ගැනීමේ ඉඩ අහුරා තිබේ.

එම වෛරසය වාර්තා වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුරෝපීය සංගමයේ උපදෙස් පරිදි නෞකාව බදාදා (6) ස්පාඥ්ඥයේ වෙර්දේ තුඩුවෙන් පිටත් විය. නෞකාවේ මගීන් මුදා ගන්නා ලෙස ස්පාඥ්ඥයට උපදෙස් නිකුත් කෙරිණි.

 

hanta 2
එම්.වී. හොන්ඩියස් (MV Hondius) නම් එම සුඛෝපභෝගී නෞකාවේ සියළු මගීන් මේ වන විට මාරාන්තික හැන්ටා-වෛරසයට ගොදුරු වෙමින් සිටිති. නෞකාවෙන් පිටත ප්‍රජා සමූහ වෙත එහි බලපෑම අවම බව, යුරෝපා මහජන සෞඛ්‍ය ඒජන්සිය දන්වා සිටී.  

නෞකාවේ වූ මීයන්ගෙන් එම වෛරසය ව්‍යාප්ත වූ බවට සැක කෙරේ.

බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් නෞකාවේ සිටින සිය පුරවැසියන් මුදා ගැනීම පිණිස ගුවන් යානා පිටත් කර යවා ඇත. කෙසේ වෙතත්, එම සියලු ගුවන් යානා අද උදෑසන වන විටත් කැනරීස් වෙත ළඟාව නොතිබූ බව බලධාරීහු දැනුම් දුන්හ.

 

hanta 3

මුදා ගැනීමේ සැලසුම් පිලිබඳ අවසන් නිවේදන නිකුත් වන තෙක් කිසිදු මගියකු ගලවා ගැනීමේ යාත්‍රා වෙතින් ඉවත් නොකෙරේ. ආසාදනයට පත් නෞකාවෙන් ඉවත් කෙරෙන දෙවන මගී සමූහය නෙදර්ලන්ත ජාතිකයින් ය. එම මගීන් ඉන් මුදා ප්‍රවාහනය කෙරෙන ගුවන් යානය මගින්, නෞකාවේ වූ, ජර්මනිය, බෙල්ජියම ග්‍රීසිය සහ ස්පාඥ්ඥය යන රටවලට අයත් මගීන් ද සිය ගමනාන්ත වෙත ප්‍රවාහනය කෙරේ.

තුර්කිය, ප්‍රංශය, එක්සත් එරාජධානිය සහ එක්සත් ජනපදයට අයත් මගීන් මුදා ගැනෙන්නේ ඉන් අනතුරුව ය.

 

hanta 4
එම මෙහෙයුමේ අවසන් ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිට පිටත් වීමට නියමිතය. එය හෙට පස්වරුවේ ළඟාවනු ඇත. එම අවසන් ගුවන් යානයෙන්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නෞකාවේ සිටින අනෙකුත් ආසියානු රටවල මගීන් සය දෙනකු ද ඉවත් කිරීමට ද නියමිතය.

අවසන, නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහිතව විෂබීජ හරණය පිණිස නෙදර්ලන්තය බලා යාත්‍රා කිරීමට නියමිතය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Spanish passengers start disembarkation from ship hit by hantavirus

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්