leader s

TVK පක්ෂයේ නායක 51 හැවිරිදි ජෝසප් චන්ද්‍රසේකර් විජේ හෙවත් තලපති විජේයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස

දිවුරුම් දීමේ උත්සවයේදී මතභේදාත්මක සිද්ධියක් සිදු විය.

දෙමළ සුබ පැතුම් මුලින් ම ගායනා කරන තමිල්නාඩු රජයේ උත්සව සම්ප්‍රදායට පටහැනිව, 'වන්දේ මාතරම්' ගීතය ගායනා කළේ ය. මෙයින් පසු ඉන්දියාවේ ජාතික ගීය වන "ජන ගන මන" ගායනා කරන ලද අතර දෙමළ සුබ පැතුම් ගායනා කරන ලද්දේ ඉන් අනතුරුව ය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් විජෙයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

වැඩබලන ආණ්ඩුකාර ආර්ලෙකාර් ඉදිරියේ ඔහු නිල ප්‍රතිඥාව ලබා දුන්නේ ය.

"මම සී. ජෝසප් විජෙයි" යැයි පවසමින් විජෙයි සිය කතාව ආරම්භ කරන විට නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිස් ඔල්වරසන් දුන්හ.

විජෙයි සමග 9 දෙනෙකුට අමාත්‍ය ධූර

විජෙයිගෙන් අනතුරුව ආනන්ද් සහ ආදව් අර්ජුන ඇතුළු තවත් 9 දෙනෙක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්හ.

මෙම මූලික කැබිනට් මණ්ඩලය මගින් දේශපාලන අත්දැකීම්, තරුණ නියෝජනය, තාක්ෂණික විශේෂඥයන් නියෝජනය කිරීමට විජයි උත්සාහ කර තිබේ.

එමෙන්ම පක්ෂයේ ආරම්භයේ සිට ඔහු සමග සිටි ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන්ට ද ඔහු ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි.

කැබිනට් සාමාජිකයින්ගේ නම් පහත පරිදි වේ

  • ආනන්ද්
  • ආදව් අර්ජුන්
  • අරුන්රාජ්
  • සෙන්ගකෝට්ටයාන්
  • වෙන්කට්රාමන්
  • සී ඩී ආර් නිර්මල් කුමාර්
  • රාජ්මෝහන්
  • ප්‍රභූ
  • කීර්තනා


ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි එයි

චෙන්නායි හි නේරු ශ්‍රවණාගාරයේ පැවැත්වූ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු දේශපාලකයින් මෙන්ම විජේයිගේ සමීපතම හිතවතියක සහ සුපිරි කොලිවුඩ් රංගන ශිල්පිනියක වන ත්‍රිශා ක්‍රිෂ්ණන් ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් ද පැමිණ සිටියහ.

 විජේ ගේ මව්පියන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ද මෙම දිවුරුම් දීමේ උත්සවය නැරඹීමට පැමිණ සිටියහ.

 

තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින්...

තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින් පසුගිය සඳුදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් විය.

ඒ දශක හයකට ආසන්න කාලයක් පැවති DMK සහ AIADMK යන ද්‍රවිඩ පක්ෂ දෙකේ ඒකාධිකාරය බිඳ දමමිනි.

ආසන 234කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට TVK පක්ෂය සමත් වුවත්, එය බහුතරය පිහිටවීමට ප්‍රමාණවත් නොවිය.

කෙසේවුවද තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පසු ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් විජේයි ආසන 120ක බහුතරය සකස් කරගැනීමට ඊයේ (09) සමත් විය.

ඒ, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොංග්‍රස් පක්ෂය මෙන්ම  CPI, CPI(M) පක්ෂය, VCK පක්ෂය සහ ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය විජේයි ට සහය පල කල පක්ෂ අතරට අයත් ය.

 
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්