leader s

අධිකරණ නියෝගයක් අනුව සිර දඬුවමකට ලක්ව සිටි තායිලන්තයේ හිටපු අගමැති මෙන්ම බිලියනපතියකු වූ තක්ෂින් ෂිනවාත්‍රා සිරගෙදරින් කොන්දේසි සහිතව නිදහස් කරනු ලැබ තිබේ.

 

මාස 8ක සිරගත දිවියකින් පසුව මෙසේ නිදහස ලබා පිටවයද්දී ඔහුගේ ආධාරකරුවන් විසින් ඔහු පිළිගනු ලැබිණි. 76 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා දශක ගණනාවක් තායිලන්ත දේශපාලනය නැවත හැඩගස්වා ආධිපත්‍යය දැරූ නායකයෙකු වූ නමුත් මෑත කාලයේදී ඔහුගේ බලපෑම අඩුවී ඇත. ඒ ඔහු සිරගතවීම සහ ඔහුගේ බලවත් Pheu Thai පක්ෂය මෙම වසර මුලදී පැවති මැතිවරණයේදී ඉතිහාසයේ නරකම ප්‍රතිඵලය ලබාගැනීම නිසාය.

ඔහු බැංකොක්හි Klong Prem ඡරුප සිරගෙදරින් පිටව යද්දී හිස කෙටිව කපා ලිහිල් සුදු කමිසයක් ඇඳගෙන සිටියේය.

 


සිනාසෙමින් සිරගෙයින් පිටතට පැමිණි ඔහු පවුලේ සාමාජිකයන්, ඇතුළු ඔහුගේ දියණිය සහ දේශපාලන උරුමක්කාරිය වන පේතොන්ග්තාර්න් ෂිනවාත්‍රා වැළඳගත්තේය.

අගමැති ධුරයේ සිටි ෂිනවත්‍රා දියණිය පසුගිය අගෝස්තු මාසයේදී අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ අධිකරණ තීන්දුවකිනි. එය සිදුවුණේ ෂිනවත්‍රා සිරගතවීමට දින 10කට පෙරය.

ෂිනවත්‍රාගේ නිදහස දැකීමට එක්වූ සිය ගණනක් ආධාරකරුවෝ රතු වර්ණයෙන් සැරසී “අපි තක්ෂින්ට ආදරෙයි” යනුවෙන් හඬ නැගූහ. පුවත්පත්කරුවෙකු එහිදී මේ අවස්ථාව ඔහුට හැඟෙන්නේ කෙසේදැයි විමසූ අතර තක්ෂින් අත ඉහළට ඔසවා පැවසුවේ “මට සැනසීමක් දැනෙනවා” යනුවෙනි. “මම නින්දට ගිය කෙනෙක් වගේ හිටියා. දැන් කිසිවක් මතක නැහැ,” යැයි ද ඔහු පැවසීය.

ජනප්‍රියවාදී දේශපාලනය


ජනප්‍රියවාදී ප්‍රතිපත්ති මත ප්‍රචාරක කටයුතු කළ තක්ෂින්, 2001 ජනවාරි 6 වන දින පැවති ජාතික මැතිවරණයේදී තම අලුතින් පිහිටුවූ Thai Rak Thai  පක්ෂය මගින් ඉතා විශාල ජයග්‍රහණයක් ලබාගත්තේය. ඔහු 2001 පෙබරවාරි 9 වන දින අගමැතිවරයා ලෙස පත් කරන ලද්දේ බූමිබෝල් අදුල්යදෙජ් රජු විසිනි.

එහෙත් ඔහුගේ පාලන කාලය ආරම්භ වූයේම යහපත් ලෙස නොවේ. මාස කීපයක් ඇවෑමෙන් 2001 අප්‍රේල් 3 වන දින ස්වාධීන ජාතික දූෂණ විරෝධී කොමිසම විසින් දේපළ සඟවා ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව ව්‍යවස්ථා අධිකරණය හමුවට නඩු ගොනු කරන ලදී. මෙම චෝදනා ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ දේපළ ප්‍රකාශනයේ වැරදි සැඟවීම් ඇති බව කියමිනි. කෙසේ වෙතත් 2001 අගෝස්තු 3 වන දින 8-7 ලෙස වූ ඡන්දයකින් ඔහු එම චෝදනාවලින් නිදහස් කරන ලදී. ඊළඟ වසරේදී, ඔහුගේ පක්ෂය සන්ධානයේ සිටි කුඩා පක්ෂ දෙකක් සමඟ ඒකාබද්ධ වී විශාල පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමෙන් ඔහුගේ බලය තවත් ශක්තිමත් කළේය.

දූෂණ සහ හිතවත්කම් මත පදනම් වූ චෝදනා තිබුණද, තක්ෂින් ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබිණි. ඔහුගේ ජනප්‍රියත්වය තවත් වර්ධනය වීමට 2004 දෙසැම්බර් මාසයේදී ඉන්දියානු සාගර සුනාමිය ද බලපෑවේය. සුනාමිය තායිලන්තයට දැඩි ලෙස බලපෑ විට ඔහු දැක් වූ ඉක්මන් ප්‍රතිචාර හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩි විය. ඊළඟ වසර වූ 2005 මේ නිසාම ෂිනවත්‍රාට ජයග්‍රාහී එකක් විය. ටී.ආර්.ටී පක්ෂය පාර්ලිමේන්තුවේ පූර්ණ බහුතරයක් දිනාගත් අතර, මෙය තායිලන්තයේ එක් පක්ෂයක් විසින් මෙවැනි විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව විය. මෙම බහුතරය භාවිතා කරමින් තක්ෂින් තනි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීය. මෙයද තායිලන්තයේ පෙර සිටි සන්ධාන ආණ්ඩු සම්ප්‍රදායට වෙනස් වූ අසාමාන්‍ය සිදුවීමක් විය.

thakshin anti

 

2006දී තක්ෂින් තම පවුලට අයත් ටෙලිකොම් සමාගමක් ඩොලර් බිලියන 2කට ආසන්න මුදලකට විකුණා දැමීය. මෙම බදු රහිත ගනුදෙනුවක් වූ ඊට එරෙහිව විශාල මහජන විරෝධතා ඇති හටගත් අතර එහි ඊලඟ පියවර වූයේ ඔහුට ඉල්ලා අස්වෙන්නැයි වූ මහජන බලකිරීමය. එම ඉල්ලීම්වලට මුහුණ දුන් තක්ෂින් 2006 පෙබරවාරි අගදී පාර්ලිමේන්තුව විසුරුවා හැර, අප්‍රේල් මාසයේදී මැතිවරණයක් කැඳවීය. එයින් ඔහුගේ පක්ෂය බහුතරය දිනාගත්තේ ප්‍රධාන විරුද්ධ පක්ෂ මැතිවරණය වර්ජනය කළ පසුබිමකය. මේ නිසා එම මැතිවරණය අවලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීරණය කළේය.

තාවකාලික ආණ්ඩුවේ බලය තවමත් ඔහුගේ අතේ තිබුණු හෙයින් තක්ෂින් 2006 මැද ඔක්තෝබර් සඳහා නැවත මැතිවරණයක් කැඳවීය. එහෙත් 2006 සැප්තැම්බර් මාසයේදී, තක්ෂින් විදේශ ගමනක යෙදී සිටියදී හමුදා කුමන්ත්‍රණයක් සිදුවී ආණ්ඩු බලය පෙරලිණි. ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු තක්ෂින් විදේශ වාසයට පිටව ගියේය.

වසර 15කට පසු මව්බිමට..

rt rtrr
වසර 15ක් ස්වයං විදේශ වාසයෙන් පසු, තක්ෂින් නැවත තම මව්රට වූ තායිලන්තයට පැමිණියේ 2023 දීය. 2001-2006 කාලයේ අගමැති ලෙස සේවය කළ අවධියේ බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ ගැටුම් සම්බන්ධ චෝදනා මත වසර 8ක සිර දඬුවමක් පැනවුණේ ඉන්පසුවය.

කෙසේ වෙතත් ඔහු සිරගෙදර එක් රැයක්වත් සිටියේ නැත. හෘද රෝග සහ පපුවේ වේදනාවට මුවා වූ තක්ෂින රෝහලේ වීඅයිපී වාට්ටුවට මාරු කරනු ලැබීය. තක්ෂින්ගේ දඬුවම පසුව රජතුමා විසින් වසරකට අඩු කළ අතර පේරෝල් නිදහස ලබාගැනීමට පෙර ඔහු රෝහලේ සිටියේ ද මාස හයක් පමණි.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ හරහට හිටියේය. තක්ෂින් සහ ඔහුගේ වෛද්‍යවරු කුඩා සහ අනවශ්‍ය ශල්‍යකර්ම භාවිතා කරමින් රෝහලේ රැඳී සිටීම දිගු කර ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව එම කාලය නැවත සිර දඬුවමක් ලෙස ගත කළ යුතු බවට නියෝග කළේය.

දේශපාලන බලපෑම අඩුවීම

thak5u6

වසර ගණනාවක් තිස්සේ තායි දේශපාලනයේ මූලික බලවේගයක් වුවද තක්ෂින්ගේ බලපෑම මෑත කාලයේ අඩුවී ඇත. ඔහුගේ පවුල විසින් මෙහෙයවූ හෝ සහය දුන් ආණ්ඩු ගණනාවක්ම බිඳ වැටුණි. ඒ, කුමන්ත්‍රණ හෝ අධිකරණ තීන්දු නිසාය. දේශපාලන විද්‍යාඥයකු වූ Titipol Phakdeewanich  පවසන්නේ තක්ෂින් නැවත නිදහස ලැබීම Pheu Thai  පක්ෂයට යම් ප්‍රබෝධයක් ලබා දිය හැකි නමුත් ඔහු දේශපාලනයට නැවත පිවිසෙන්නේ නම් ඉතා සැලකිලිමත් විය යුතු බවයි. “ඔහු වැඩිපුර දේවල් අතට ගත්තා” යැයි පවසන හෙතෙම අවධාරණය කළේ “ඔහු පසුබිමෙන් සිටියා නම් හොඳයි. නමුත් ඔහුගේ ස්වභාවය අනුව ඔහු කොපමණ කාලයක් එහෙම ඉඳීද කියලා ප්‍රශ්නයක් තියෙනවා.” යනුවෙනි.

තක්ෂින්ගේ ආධාරකාරියක වන 76 හැවිරිදි රොමානී නකනෝ පැවසුවේ ඔහු කිසිදා සිරගත නොවිය යුතු පුද්ගලයෙකු බවයි. “ඔහු හොඳ මිනිහෙක්. ඔහු කළ දේවල් මිනිසුන් වෙනුවෙන්. මිනිසුන්ට කෑම බීම දුන්නා. ජීවත් වෙන්න ඔහු උදව් කළා.”
කෙසේ වෙතත් තක්ෂින්ට ඔහුගේ දඬුවම සම්පූර්ණ වන සැප්තැම්බර් දක්වා ඉලෙක්ට්‍රොනික මොනිටරයක් පැළඳ සිටීමට සිදුවේ. ඊට හේතුව තවමත් අවසන්ව ඇත්තේ ඔහුගේ සිර දඬුවමේ කොටසක් පමණක් බැවිනි. නීතිමය නිරීක්ෂණය යටතේ කටයුතු කළ යුතු හිටපු අගමැතිවරයා තායිලන්ත පොලීසියට ද විටින් විට වාර්තා කළ යුතුවේ. යම් හෙයකින් කොන්දේසි කඩකිරීමක් වුවහොත් නැවතත් ඔහුගේ ඉරණම වෙනස්වීමට නොහැකියාවක් ද නැත.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්