එක්සත් ජනපද යෝජනාවට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන්, ඉරාන- සටන් විරාමයට දැන්, "පණ ඇද්ද නැද්ද" යන්නත් සැක සහිත යැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය. එම යෝජනාවලිය පිලිබඳ ඉරාන ප්‍රතිචාරය 'කසළ ගොඩක්' බව ඔහු කියා සිටියේය.
සාකච්ඡා සිදු කිරීමට ප්‍රථම ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි යුද්ධය අවසන් කළ යුතු බව ඉරානය දන්වා සිටියේය.
ඉරාන සහාය හිමි ලෙබනනයේ හිස්බුල්ලා සන්විධානය ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාර තවමත් අවසන් නැත.

එක්සත් ජනපද යෝජනාවන්ට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය, යුද්ධයෙන් වූ හානියට වන්දි ඉල්ලා සිටී අතර එරට සමුද්‍රීය වෙළඳාමට එරෙහි එක්සත් ජනපද තහනම ඉවත් කළ යුතු බවත්, යළි ප්‍රහාර නොදක්වන බවට සහතික වියයුතු බවත් සහ ඉරාන ඉන්දන අලෙවිය යළි ඇරඹීමට ඉඩ ලබා දිය යුතු බවත් දැන්වීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය සිය ස්වෛරී කලාපයක් බවද ඉරානය විසින් සිය පිළිතුරෙහි අවධාරණය කර තිබේ.
එම ප්‍රතිචාරය මගින් අප්‍රේල් 7 දා සිට දෙරට අතර ක්‍රියාත්මක සටන් විරාමය තර්ජනයට ලක් කර ඇතැයි ජනපති ට්‍රම්ප් කීය.
"උන් අපට එවල තිබ්බෙ කුණු ගොඩක්. දැන් ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න.." ඔහු පැවසීය.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වැනි තීරණාත්මක කරුණු පිලිබඳ සාකච්ඡාවට ප්‍රථම යුද්ධය අවසන් කළ යුතු බව එක්සත් ජනපද යෝජනාවලියේ ද සඳහන් ය.

එහෙත් ටෙහෙරානය ඊයේ සිය ස්ථාවරය නොවෙනස් බව දන්වා සිටියේය. සිය ඉල්ලීම් නීත්‍යනුකූල බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක, එස්මයෙල් බඝේ (Esmaeil Baghaei ) ප්‍රකාශ කළේය.
ඕනෑම සතුරු ප්‍රහාරයකට තීරණාත්මකව මුහුණ දීමට සිය හමුදා සීරුවෙන් තබා ඇතැයි, ඉරාන පාර්ලිමේන්තු ප්‍රකාශක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් (Mohammad Baqer Qalibaf ) කීය.
මේ වන, විට බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 104 තෙක් ඉහළ ගොස් ඇත. ඉරානය විසින් හෝර්මුස් සන්ධිය ඔස්සේ ඉන්දන ප්‍රවාහනය අවහිර කිරීමත් සමග ඔපෙක් සංවිධානයට අයත් රටවල ඉන්දන සහ ආශ්‍රිත නිෂ්පාදන සැපයුම ද සීග්‍රයෙන් පහළ වැටෙමින් පවතී. පසු ගිය අප්‍රේල් මස එය දශක දෙකක පහළම අගය වාර්තා කළේය.
ජනපති ට්‍රම්ප් හෙට (13) චීනයේ, බෙයිජිඞ් නුවරට පැමිණේ. ඉරානය පිලිබඳ කතා බහ ඔහු හා ජනපති ෂී ජින්පිංග් අතර සාකච්ඡා හි ප්‍රධාන මාතෘකාවකි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Trump says Iran ceasefire is 'on life support' as hopes for a deal fade







