ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) රාත්‍රී චීනයේ Beijing අගනුවරට ළඟා වුණා. ඒ ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්. ජනාධිපති ට්‍රම්ප් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවැනි චීන සංචාරය වන අතර, ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ චීන සංචාරයක් වසර නවයකට ආසන්න කාලයකින් පසු සිදුවීමක් ලෙස ද සැලකෙනවා.
බෙයිජිං ගුවන්තොටුපොළේදී චීන උප ජනාධිපති හන් ෂෙන්ග් විසින් ට්‍රම්ප් උත්සවාකාරයෙන් පිළිගත් අතර, එහිදී හමුදා ගෞරව පෙළපාලියක් සහ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා.
අද (14) සහ හෙට (15) පැවැත්වෙන Trump–Xi Beijing Summit 2026 සාකච්ඡාවලදී දෙරට අතර වෙළෙඳ සබඳතා, තාක්ෂණික සහයෝගිතාව, කෘත්‍රිම බුද්ධිය, තායිවාන ප්‍රශ්නය සහ ගෝලීය ආරක්ෂක ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.








