leader s

චීන ජනාධිපති ෂී ජින් පිං  සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී.


වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක පවතින බව ෂී ජින්පිං  එහිදී පෙන්වා දුන්නා. චීනය හා ඇමරිකාවට ‘Thucydides’ උගුලට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකිද? දෙරටට එක්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකිද?

 

WhatsApp Image 2026 05 14 at 9.01.52 AM

දෙරට අතර සබඳතාවයේ සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කළ හැකිද? යනාදි වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්න වෙත ප්‍රධාන රටවල නායකයන් එක්ව පිළිතුරු ලබා දිය යුතු බව ෂී ජින් පිං එහිදී අවධාරණය කර තිබෙනවා.

WhatsApp Image 2026 05 14 at 9.01.53 AM

චීනය සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව ද හෙතෙම අවධාරණය ‍කළා. දෙරටටම සහ ලෝකයටම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගනිමින් චීන-ඇමරිකා සබඳතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

2026 වසර චීන-ඇමරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂී ජින් පිං  සඳහන් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

 WhatsApp Image 2026 05 14 at 9.01.53 AM 1

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්