leader s

චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ බීජිං නුවරදී පැවැත්වුණා. 

 
එහිදී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම චීන සංචාරය ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර චීන-ඇමරිකානු සබඳතා උපායමාර්ගික ස්ථාවරභාවයකට ගෙන යාම සඳහා නව නිර්වචනයක් ලබා දීමට දෙපාර්ශ්වය සමත් වූ බවයි.

ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීමටත්, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමටත් මෙහිදී වැදගත් එකඟතා රැසකට පැමිණ තිබේ.

අනෙක් අතට, තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන අත්දැකීමක් වූ බවත්, එමඟින් පවතින ගැටලු රැසකට විසඳුම් සොයා ගැනීමට හැකි වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. චීන ජනාධිපතිවරයා තම "පැරණි මිතුරෙකු" ලෙස හැඳින්වූ ඔහු, දෙරට අතර ගොඩනැඟී ඇති යහපත් සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට කැමැත්ත පළ කළේය. වොෂින්ටන් නුවරදී චීන ජනාධිපතිවරයා පිළිගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම හමුවෙන් අනතුරුව අද පස්වරුවේ ඇමරිකානු ජනාධිපතිවරයා බීජිං නුවරින් පිටත්ව යාමත් සමඟ ඔහුගේ තෙදින චීන නිල සංචාරය නිල වශයෙන් අවසන් විය.
0 0 0 0 US china 10 0 0 0 US china 20 0 0 0 US china 30 0 0 0 US china 4
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්