leader s

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් දෙදින නිල සංචාරයක් පිණිස ඊයේ (19) රාත්‍රී බෙයිජිඞ් ගුවන්තොටුපොළින් චීනයට පැමිණියේය.


ඔහු කැටුව ආ රුසියානු දූත පිරිස අතර අමාත්‍යවරු, ව්‍යාපාරික හිමිකරුවෝ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද වෙති. රුසියානු මහ බැංකු ප්‍රධානී, එල්විරා නැබියුලීනා (Elvira Nabiullina) මෙන්ම ගැස්ප්‍රොම් (Gazprom) සහ රොස්නෙෆ්ට් (Rosneft)  වැනි ප්‍රධාන රුසියානු බලශක්ති සමාගම්හි ප්‍රධානීන් ද ඊට ඇතුළත් වේ.

බෙයිජිඞ් කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට (Beijing Capital International Airport) සැපත් ඔහු ඇතුළු රුසියානු දූත පිරිස, චීන විදේශ අමාත්‍ය වැඞ් යී (Wang Yi) විසින් මහත් හරසරින් පිළිගැනිණි.  

 

cfb657

ජනපති පුටින්, චීන ජනපති ෂී ජින්පිංග් හමුවේ, ද්වීපාර්ශ්වීය සබඳතා තර කිරීම සහ වත්මන් ගෝලීය අර්බුද පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය.

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය හේතුවෙන් බටහිර රටවල් රැසක් විසින් රුසියාවට එරෙහි සම්බාධක පනවා ඇති පසුබිමක, එරට සමාගම් චීනය සිය විශ්වසනීය වෙළඳ සහකරුවා බවට හඳුනා සිටිති.

සිය සංචාරයට පෙර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්  කළ ජනපති පුටින්, යළිත් වරක් චීනයේ සංචාරය කිරීමට ලැබීම පිලිබඳ සතුටුවන බවත්, දෙරට අතර ක්‍රියාත්මක නව නිදහස් වීසා පහසුකම හේතුවෙන් රුසියා - චීන මහජන මිතුදම වඩාත් හිතෛශීව ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව උදා වී ඇති බවත්  කියා සිටියේය.

704307119 1444279224396318 236658751650106166 n
මේ වන විට දෙරට අතර වෙළඳ පරිමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බව ද ඔහු අවධාරණය  කළේය.

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඉහළ පෙළ චීන සංචාරයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් රුසියානු ජනපතිවරයා චීනයේ සංචාරය කිරීම භූ දේශපාලනිකව සුවිශේෂී කරුණකි.  ජනපති ට්‍රම්ප් හමුවේ චීන නායකයා සිදු කළ සාකච්ඡා පිලිබඳ රුසියානු ජනපතිවරයා දැනුවත් කෙරෙන අතර මෙම සංචාරය, ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරයට ප්‍රතිචාර වශයෙන් නොව, පූර්ව සැලසුම් මත සිදු කෙරුණක්  බව, ක්‍රෙම්ලිනය දැන්වීය.  

චීනය සීග්‍රයෙන් ගෝලීය රාජ්‍ය-තාන්ත්‍රිකත්වයේ කේන්ද්‍රය බවට පත්වෙමින් ඇතැයි, ග්ලෝබල් ටයිම්ස් (Global Times ) පුවත් පත වාර්තා කළේය. එය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වේ. දීර්ඝ කාලීන සීතල යුද්ධයෙන් අනතුරුව එක්සත් ජනපද සහ රුසියානු නායක දෙපළ සතියක් තුළ  වෙන වෙනම එහි සංචාරයේ යෙදීම අතිශය දුර්ලභ කරුණක් බව එහි සඳහන් ය.

අද (20) දෙරට නායකයින් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වේ. උපාය මාර්ගික හවුල්කාරීත්වය පිලිබඳ කතා බහට එහි ප්‍රමුඛස්ථානයක් හිමි ය. නායක දෙපල,  කලාපීය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය.

 

704468693 1444279387729635 5928380368967021086 n

ජනපති ෂී සහ ජනපති පුටින් ඒකාබද්ධ ප්‍රඥප්තියකට සහ ද්වීපාර්ශ්වීය ගිවිසුම් රැසක ට ද අත්සන් තබති. එම ගිවිසුම් සංඛ්‍යාව 40කට ආසන්න බව සඳහන් ය. කර්මාන්ත, වෙළඳ ප්‍රවාහන සහ ඉදි කිරීම් ක්ෂේත්‍රයන්හි ගිවිසුම් ද බහුධ්‍රැවීය ගෝලීය ක්‍රමවේදයක් සහ නව ආරක ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය පිණිස වන විශේෂ ගිවිසුමක් ද ඒ අතර වේ.

අනතුරුව, දෙරට නායකයෝ සංවෘත සාකච්ඡාවකට සහභාගී වෙති. ඉරාන සහ යුක්‍රේන ගැටුම් එහි මාතෘකා ය. චීන නායකයාගේ ඇරයුමින් රුසියානු ජනපතිවරයා ඇතුළු දූත පිරිස වෙත සාම්ප්‍රදායික චීන තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වේ.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් චීනය අපක්ෂපාතී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේය. එහෙත්, චීනය විසින් රුසියාව වෙත කෙරෙන මූල්‍ය ගෙවීම්, චිප්ස් ඇතුළු වෙනත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනය නවතන්නේ නම්, එම යුද්ධය දින 14ක් වැනි කෙටි කලක් තුළ අවසන් කළ හැකි බව බටහිර මතයයි.

704387171 1444279291062978 6895146261839995333 n
2022 පෙබරවාරි මස රුසියාව විසින් යුක්‍රේන ආක්‍රමණය සිදු කිරීමට දින කිහිපයකට මත්තෙන්, චීන - රුසියානු සීමා රහිත හවුල්කාරීත්වයක් පිලිබඳ විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කෙරිණි.

දෙරට නායකයින් අතර මෙවර න්‍යාය පත්‍රයට බලශක්ති සහයෝගීතාව පිලිබඳ ව ද ඇතුළත් වේ. සයිබීරියාවේ සිට මොන්ගෝලියාව හරහා චීනය වෙත නව ගෑස් නල පද්ධතියක් ස්ථාපිත කිරීම රුසියාවේ අපේක්ෂාවය. රුසියානු ගෑස් අපනයන පුළුල් කිරීම එහි අරමුණයි.

ජනපති පුටින් අවසන් වරට චීනයේ සංචාරයක යෙදුණේ 2025 සැප්තැම්බර මස දී ය. මෙවර සංචාරයේදී ඔහු චීන අග්‍රාමාත්‍ය, ලී ච්යංග් (Li Qiang) හමුවීමට ද නියමිත ය.

දෙරට නායකයින් මෙම වසරේපැවැත්වෙන ඉදිරි ජාත්‍යන්තර සමුළු සහ වැඩසටහන් කිහිපයකදීම යළි හමුවනු ඇත.

 



(සටහන | Yahoo news ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Putin arrives in Beijing to deepen partnership with China

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්