leader s

බහු ආසාදන රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත් කර සිටින තායි රජ කුමරිය වන බජ්රාකිටීයභා (Bajrakitiyabha ) ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බව රාජ මාළිගය අද (21) දැනුම් දුන්නේය.


මේ වන විට, ඇගේ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වය තෙක් පාලනයේ තබා ගැනීම පවා දුෂ්කරව ඇතැයි, එහි සඳහන් ය. රජ කුමරියගේ ඉන්ද්‍රියයන් කිහිපයක් දැඩි ආසාදන තත්ත්වයන්ට බඳුන්ව ඇතැයි, වෛද්‍යවරු පවසති.

 

tyhai40rw

තායිලන්තයේ වජිරලොන්කෝන්  (Vajiralongkorn) රජුගේ වැඩිමහල් දියණිය වන, 47 හැවිරිදි එම රජ කුමරිය හෘද රෝග තත්වය සහ තවත් ආසාදන කිහිපයක් හේතුවෙන් හදිසි බිම ඇද වැටීමකට ලක්වූයෙන්, 2022 දෙසැම්බර මස රෝහල් ගත කෙරිණි. එතැන් සිට, ඇය කෝමා තත්ත්වයක පසුවන්නීය.

වසර කිහිපයක වෛද්‍ය ප්‍රතිකාර අවසන, ඉකුත් අප්‍රේල් මස ඇය, ආමාශ ගත ආසාදන තත්ත්වයක් හේතුවෙන්, අන්ත්‍ර ප්‍රදාහයට බඳුන්ව ඇතැයි, ශල්‍ය වෛද්‍යවරු අනාවරණය කළහ. ඒ හේතුවෙන් හටගත් අඩු රුධිර පීඩන තත්වය මත, ඇගේ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වයේ පාලනයේ තබා ගැනීම අසීරුවී තිබේ.

thai56767

ඇයට නියමිත පරිදි නිසි ඖෂධ ලබා දෙන බවත්, පෙනහළු සහ වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයේ ක්‍රියාකාරීව පවත්වා ගැනීම, බාහිර ආධාරක යන්ත්‍ර මගින් සිදු කෙරෙන බවත්, එසේ තිබියද, ඇගේ සෞඛ්‍ය තත්ත්වය දින දින බිඳ  වැටෙමින් පවතින බවත් රාජ මාළිගය සඳහන් කරයි.

වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය  සමීප නිරීක්ෂණයේ තබා කටයුතු කරන අතර අඛණ්ඩ ප්‍රතිකාර සිදු කරන බව ද මාළිගය කියා සිටී.

පසු ගිය වසරේ තායිලන්ත රැජිණිය වසර 93ක් ආයු වළඳා අභාවප්‍රාප්ත  විය.

(සටහන | Yahoo news ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Thai Princess Bajrakitiyabha's condition worsens after multiple infections, royal palace says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්