leader s

උගන්ඩාවේ සිට ඉන්දියාවේ බෙන්ගලුරු (Bengaluru) නගරයට පැමිණි කාන්තාවකට එබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි පවතින සැකය හේතුවෙන් ඇයව වහාම නිරෝධායනයට යොමු කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.


කෙසේ වෙතත්, රොයිටර් පුවත් සේවය තහවුරු කරන්නේ ඇය සම්බන්ධයෙන් සිදුකළ මූලික වෛද්‍ය පරීක්ෂණවලින් ඇයට එබෝලා ආසාදනය වී නැති බව (Negative) තහවුරු වී ඇති බවයි.

1976 වසරේ දී එබෝලා රෝගය මුලින්ම හඳුනා ගැනිණි.

 

nationalherald 2026 05 21 cjt0wz0c congo ebola
කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුව සහ උගන්ඩාව ආශ්‍රිතව 'බූන්ඩීබූජෝ' (Bundibugyo) එබෝලා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම තත්ත්වය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී නැතත්, අප්‍රිකානු කලාපයේ අසල්වැසි රටවලට පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි. 

මෙම වෛද්‍ය වාර්තා සමඟ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර පවතින දැඩි සංචාරක සබඳතා හේතුවෙනි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මෙරටට පැමිණි 692,744ක් වූ සමස්ත සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් (135,070ක්) ඉන්දියානුවන් ය. එමෙන්ම, මැයි 1 සිට 24 දක්වා පැමිණි සංචාරකයින්ගෙන් 41%ක්ම (46,998ක්) ඉන්දියාවෙන් පැමිණි අය වෙති. ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රටවල් 10 අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය සහ ජර්මනිය පෙරමුණේ පසුවේ.

ebola 1
ඉන්දියාවෙන් වාර්තා වූ සැකකටයුතු රෝගියාට එබෝලා වැළඳී නැති බව තහවුරු වීම නිසා ශ්‍රී ලංකාවට එල්ල විය හැකිව තිබූ සෘජු අවදානම පහව ගොස් ඇත. නමුදු ගෝලීය වශයෙන් පවතින හදිසි සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ, මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන කලාපීය රටක් වන ඉන්දියාව වැනි රටවල සෞඛ්‍ය ආරක්ෂණ පියවර සහ ගුවන් තොටුපළ පරීක්ෂාවන් පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ ද අඛණ්ඩ අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය වේ.

(තොරතුරු මූලාශ්‍ර: Reuters, TRAVEL AND TOUR WORLD සහ Sri Lanka Tourism Development Authority වෙබ් අඩවිය ඇසුරින්)

(සටහන | හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය

Ugandan woman quarantined in India tests negative for Ebola

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්