leader s

සිංගප්පූරුව තුළ ව්‍යාපාර කටයුතු කිරීමට හා සිංගප්පූරුව තම ජාත්‍යන්තර මූලස්ථානයක් ලෙස භාවිත කිරීමට චීන සමාගම්වලට අවස්ථාව ඇතැයි සිංගප්පූරු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) පවසයි.  


පසුගිය මැයි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා චීනයේ සිදුකළ නිල සංචාරය නිමා කරමින් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කළේය.

ඒ, චීන සමාගම්වලට විවෘතව ආරාධනා කරමිනි.

රටේ නීති රීතිවලට අනුකූලව නිසි පරිදි ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ නම්, ඕනෑම චීන සමාගමකට සිංගප්පූරුව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට පූර්ණ නිදහස සහ පිළිගැනීම හිමිවන බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

"ඔබ සිංගප්පූරුවට පැමිණ අපගේ නීති රීතිවලට ගරු කරමින්, නිවැරදි ලෙස ව්‍යාපාර කරන්නේ නම්, ඔබට සිංගප්පූරුව තුළ ව්‍යාපාර කිරීමට හෝ එය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට ඕනෑම වෙලාවක අවස්ථාව තිබෙනවා." - ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලී සියෙන් ලූන්ග්


''අපේ රටේ චීන බහුතරයක් හිටියට අපි බහුජාතික රටක්"

චීනය සහ සිංගප්පූරුව අතර පවතින සබඳතාව පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැදගත් කරුණක් පෙන්වා දුන්නේය. සිංගප්පූරුවේ චීන ජාතිකයන් බහුතරයක් ජීවත් වුවද, සිංගප්පූරුව යනු විවිධ ජාතීන් වෙසෙන බහුරාජ්‍යයක් (Multiracial country) බව ඔහු සිහිපත් කළේය.

එමෙන්ම චීනය සමඟ සිංගප්පූරුව ගනුදෙනු කරන්නේ සහ සහයෝගයෙන් කටයුතු කරන්නේ දෙරටටම පොදු වූ සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වාසිදායක කරුණුවලදී (Mutual interests) පමණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්